සරාගී නිරූපිකා කිම් කාර්ඩෂියන්ගේ ස්වාමි පුරුෂයා මෙන්ම බටහිර සංගීතයේ රැප් ගායකයෙකු වන කාන්යේ වෙස්ට් ඔහුගේ නම නීත්‍යානුකූලව වෙනස් කරගෙන තිබේ.

 තමන්ගේ නම වෙනස් කරන ලෙස කළ ඉල්ලීම සඳුදා ලොස් ඇන්ජලීස් විනිසුරුවරයෙකු විසින් අනුමත කළ බව ඇමරිකානු නාලිකාවක් වන ඒබීසී 7 වාර්තා කරයි. ඔහු දැන් හැඳින්වෙන්නේ "යේ" යනුවෙනි. මැද නමක් නැත, වාසගමක් නැත. කාන්යේ වෙනුවට ඔහුව ඉදිරියේදී ‘යේ‘ නමින් පමණක් අමතන්නට සිදුවේ.


44 හැවිරිදි සංගීතඥයා අගෝස්තු 24 දා පෙත්සමක් ගොනු කරමින් තම නම වෙනස් කිරීමට පෞද්ගලික හේතු තිබෙන බව සඳහන් කළ අතර ලොස් ඇන්ජලීස් උසස් අධිකරණ විනිසුරු මිෂෙල් විලියම්ස් අනුමැතිය දුන්නේය.
2018 දී ඔහුගේ අටවන සංගීත ඇල්බමය හැඳින්වූයේ ද ‘යේ‘ යන නමිනි.

එය ප්‍රවර්‍ධනය කරමින් සිටියදී ඔහු සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළේ  යේ යනු   බයිබලයේ බහුලව භාවිතා වන “ඔබ” යන වචනය වන බවයි.