aryan-khan-bail-granted-shah-rukh-bollywood-stars-fans-cheer
ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (NCB) විසින් පසුගිය ඔක්තෝම්බර් 3 වන දින නෞකාවක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට අද (28) ඇප මත නිදහස ලැබී තිබේ. මෙම පුවතත් සමඟ සුපිරි තරුවගේ රසිකයෝ ඉමහත් සතුටට පත්ව සිටිති. ආර්යන් ගේ සහාය පළ කරමින් පෝස්ටර් අතැතිව බොහෝ රසිකයින් ෂාරුක්ගේ මන්නාට් නිවසින් පිටත පැය ගණනක් රැඳී සිටි බවද වාර්තා විය.



මහේස්ත්‍රාත් අධිකරණය සහ සැසිවාර අධිකරණය යන දෙකම ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ආර්යන් බොම්බේ මහාධිකරණයෙන් ඇප ඉල්ලා සිටි අතර ඒ අනුව අද ඇප ලැබිණි.

ආර්යන් ඛාන්ගේ නීතීඥ මුකුල් රොහාත්ගි අඟහරුවාදා බොම්බේ මහාධිකරණයට පැවසුවේ, “අයදුම්කරු 23 හැවිරිදි වියේ පසුවන අතර මීට පෙර සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ බවය. මුම්බායි සිට ගෝවා දක්වා යාත්‍රාවට ආගන්තුකයෙකු ලෙස නෞකාවට ආරාධනා කරනු ලැබුවේ එක් ප්‍රතීක් ගැබා නමැත්තෙකු බවය. ඊට පැමිනි අයගෙන් අයකර ගැනීමක්ද සිදු නොවූ බවත් එම අවස්තාවේ ඔහු සන්තකයේ කිසි මත්ද්‍රව්‍යයක් නොතිබු බවත්. මේ නිසා මගේ සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ නීතීඥ පැවසීය.
 ආර්යන් හට NDPS පනතේ 27A වගන්තිය සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවේ, මන්ද එය එක් සිදුවීමක් පමණි. කෙසේ වෙතත්, 29 වැනි වගන්තිය යටතේ ඔවුන් ආර්යන්ට කුමන්ත්‍රණ චෝදනා එල්ල කර ඇත. එය සාමාන්‍ය, අපැහැදිලි තත්ත්වයකි. ඔවුන්ගේ කුමන්ත්‍රණ චෝදනාව වන්නේ මත්ද්‍රව්‍ය ලබාගත් කණ්ඩායමක් සමග ගැවසීමය.
ආර්යන් ඛාන් වෙනුවෙන් මුකුල් රොහත්ගි පැවසුවේ, “කුමන්ත්‍රණයක් පිළිබඳ කිසිදු නඩුවක් නොමැත. අනුබලයක් නැත. මම කිසිම ස්වාමි සේවක සම්බන්ධයක නැහැ.


අධිකරණය ඉදිරියේ ඇති සියලුම කරුණුවල ස්ථාවරය එයයි.  යනුවෙනි.
ආර්යන්ගේ ඇප ඉල්ලීමට විරුද්ධ වූ NCB හි නීතීඥ ASG අනිල් සිං, “අයදුම්කරු ආර්යන් ඛාන් පළමු පාරිභෝගිකයා නොවේ. වාර්තා වලට අනුව පසුගිය වසර 2 සිට ඔහු නිත්‍ය පාරිභෝගිකයෙක්. මත්ද්‍රව්‍ය පිළිබඳ රහස් සටහන්, ස්වේච්ඡා ප්‍රකාශ, ජංගම දුරකථන සහ ඩිජිටල් උපාංගයේ WhatsApp කතාබස්, මේවා අප සතු සාක්ෂියි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, “පුද්ගලයා මත්ද්‍රව්‍ය ලබානොගත් බව කියන නමුත් ඔහු සන්තකයේ තිබේ නම් එය NDPS පනත යටතේ වරදකි. දැනුවත්ව සන්තකයේ තබා තිබීම ඔප්පු කළ හැකිය. යනුවෙනි.
කෙසේ වෙතත් බොම්බේ මහාධිකරණය ආර්යන් ඛාන් සහ සම විත්තිකරුවන් වන අර්බාස් සහ මුන්මන්ට ට ඇප ලබා දුන්නේය.

රවීනා තන්ඩන්, රිතික් රෝෂන්, පූජා භාත්, සුසෑන් ඛාන්, සුනිල් ෂෙට්ටි, හංසල් මේතා සහ මිකා සිං වැනි බොලිවුඩ් ප්‍රසිද්ධ නළු නිළියන්ද ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෂාරුක් ඛාන් සහ ඔහුගේ පවුලේ අයට සහය පළ කළහ.
(ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි -Gossiplankanews.com)