ප්‍රේම සම්බන්ධතාවක මතුවූ ගැටලුවක් හේතුවෙන් දුරකථන කුළුනකට නැගි තරුණයෙකු පිළිබඳ පුවතක් වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
20 හැවිරිදි තරුණයෙකු වන මොහු මීට මාස පහකට පමණ පෙර විවාහ ගිවිසගෙන ඇති අතර, විවාහ ගිවිස ගැනීමෙන් පසු මනාලියද තරුණයාගේ නිවසේ රැදී සිට ඇත.
දෙන්නා අතර විරසකයක් පැනනැගී තිබෙන්නේ මෑතකය. අනතුරුව ඇයගේ දෙමාපියන් පැමිණ තරුණියව මීට දින හතකට පෙර රැගෙන ගොස් තිබේ. යළි තරුණිය කැඳවා ඒමට මනාලියගේ මහ ගෙදරට තරුණයා ගොස් ඇතත් ඇය නිවසේ රැඳී සිට නැත.
පොලිසිය, ඥාතීන්, ප්‍රදේශවාසීන් පැමිණ තරුණයාට දුරකථන සංඥා කුළුනින් බසින ලෙස ඉල්ලා සිටියද පැය හතරකට ආසන්න කාලයක් ඔහු එම දුරකථන සංඥා කුළුන මත සිටියේය.
අනතුරුව පොලිසිය මැදිහත්වි තරුණයාගේ ගැටළුවට විසදුමක් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු ඔහු එම කුළුනින් බැස තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval