විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා උපකුලපතිවරුන් හා සෞඛ්‍ය බලධාරීන් අතර මෙම මස 22 වැනිදා සාකච්ඡාවක් පැවැත්වේ.





කොවිඩ් එන්නත ලබා ගෙන සිටින සිසුන් සම්බන්ධ තොරතුරු ද මෙම සාකච්ඡාවට ඉදිරිපත් කෙරෙන අතර එන්නත ලබා නොගත් සිසුන් පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද මෙදින තීරණය කෙරේ. එම සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී තීරණය කරන බව ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ඊයේ (19වැනිදා) පැවැසීය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් සියයට අසූවක් පමණ එන්නත ලබාගෙන ඇතැයි ද මහාචාර්යවරයා කීවේය.

මේ අතර මුලින්ම අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි කොමිෂන් සභාව අවධානය යොමු කර තිබේ.