මහනුවර දිස්ත්‍රික්කයේ 2020 වසරේදී ප්‍රථමවරට උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්
හා 2021 වසරේදී ප්‍රථමවරට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා COVID - 19
රෝගය වළක්වා ගැනීමේ එන්නත්කරණ වැඩසටහන ඔක්තෝබර් 21 වැනි දින සිට දිස්ත්‍රික්කය පුරා තෝරාගත්
පාසල්වල ක්‍රියාත්මක වේ.      



මෙම වැඩසටහන තුළදී එන්නත ලබා දෙනුයේ රජයේ නිර්ණායකයන්ට අනුව 2001 ඔක්තෝබර් 16ට පසු සහ
2003 ජනවාරි 31 පෙර ඉපදුණු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණකි. මේ කාල සීමාවට අයත් නොවන
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එන්නත්කරණ මධ්‍යස්ථානයන්ට පැමිණීමෙන් වළකින ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ කාර්යාලය ඉල්ලා සිටී.

ඉහත කාල සීමාව තුළ ඉපදී ඇති නමුත් මේ වන විට පාසල් අධ්‍යාපනය හමාර කොට ඇති අයෙක් නම්
පදිංචි ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් ලියාපදිංචි වන ලෙසද එන්නත
ලබාගත හැකි දිනය සහ ස්ථානය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් දැනුම්
දෙනු ලබනු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.    

ඉදිරි එන්නත්කරණ වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු සඳහා අවශ්‍ය නම් RDHS Office Kandy
Facebook පිටු සමඟ සම්බන්ධ වන ලෙසද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මහනුවර - කේ.එල්. සුරවීර