uthpalawanna-pudabimasaadu

අවුරුදු දාසයක දැරියක රවටා ලිංගික අතවර කළ කපුවෙකු ගැන  ගම්පහ සිරිමල් උයන ප‍්‍රදේශයෙන් වාර්තාවේ. ‘උත්පලවන්නා පුදබිම‘ නමින් දේවාලයක් පවත්වාගෙන යන ‘සාධු‘ යන ආරූඪ නාමයකින් හැඳින්වෙන 

32 හැවිරිදි දෙදරු පියෙකු වූ කපුවා හමුවී අපල දෝෂ දුරුකර ගැනීම සඳහා දැරියගේ මව ඇතුළු ඥාතීන් පිරිසක් දේවාලයට ගොස් ඇති අතර එම දේවාලයේ සකස් කරන කොරෝනා මර්දන බෙහෙත් වට්ටෝරුවක් සැකසීමට දැරියගේ උදව්ද ලබාගෙන ඇත.


 පසුව උදව් කරන්නට නැවත දිනයක එනැයි ඇයට කියා නැවත ගිය අවස්ථාවකදී සැකකරු තරුණියව රවටා ලිංගික අතවර කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
දැරියගේ ජන්ම කේන්ද්‍රය නිරීක්ෂණය කළ සාධු ඇගේ කායික ශක්තිය දුර්වලයි කියා මුල් දිනයේ පවසා ඇත. මං ආර්ය උත්තමයෙක්. මගේ සිරුරේ ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කියා පවසා ඇත. එබැවින්
එවැනි පුද්ගලයකු දැරිය වැළඳ ගත් විට ඇයට ශක්තිය ලැබී ජීවිතය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන බවත් පෘථග්ජන පුද්ගලයන්ට මෙන් සාධු වැනි අයට රාග සිතක් පහළ නොවන බවත් පවසා ඇත.
ඒ අනුව සාධුගේ නිදන කාමරයට පැමිණ ඔහුගේ පාද දනිස් මසාජ් කර දෙන ලෙස දැරියට කියා ඇති අතරමේ අනුව සාධු ආර්ය උත්තමයකු යයි රැවටුණ දැරිය එම කටයුතු සඳහා සාධුගේ නිදන කාමරයට ගොස් තිබේ.
‘මට කාමරයේදී ලිංගික අතවර කරන්න හදන්න ආ විට මම ඊට අකමැති වුණා. සාධු ආර්ය බලයෙන් මාව පොළඹවා ගත්තා් යැයි වින්දිත තරුණිය පොලිසියට ප‍්‍රකාශ කර ඇත.


ගම්පහ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරීක්ෂිකා පියදර්ශනී සේනාරත්න සහ සැරයන් බාලසූරිය (49998) යන නිලධාරීහු අධිකරණය හමුවේ මෙය පැමිනිලි කර තිබුණි.
අවුරුදු දාසයයි මාස අටක් වයසැති තරුණියක්ව රවටා ලිංගික අතවර කළ සාධු ලබන 25 වෙනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා 12 වෙනිදා නියම කලේය.
ගම්පහ සිරිමල් උයන ප‍්‍රදේශයේ උත්පලවන්නා පුදබිම නමින් දේවාලයක් පවත්වාගෙන යන සාධු යන ආරූඪ නාමයකින් හැඳින්වෙන 32 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ රිමාන්ඞ් බාරයට පත් කෙරුණි.

(මිනුවන්ගොඩ ටෝනි කරුණානායක)