basil-speaks

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙසේ කියා තිබේ.

'සමහර උදවිය රටේ ආහාර හිගයක් සමඟ සාගතයක් ඇති වන බව සඳහන් කරමින් නොයෙක් විදියේ ප්‍රකාශන කරනවා. ඒ අය බලාපොරොත්තු වන ආකාරයට රටේ සාගතයක් ඇති වෙන්න ඉඩ තබන්නේ නෑ. අපි මෙවර අය වැයෙන් වැඩිපුර අවධානය යොමු කර තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කීරිමටයි. මෙවර අය වැයෙන් ගමට මුදල් යන ක්‍රමයක් හදලා තියෙනවා.

ගම් මට්ටමෙන් කොට්ඨාස හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙවර මුදල් වෙන් කර දී තිබෙන්නේ නිෂ්පාදන අංශ වැඩි දියුණු කිරීමේ අවධානයෙන් යුතුවයි.
මෙවර අය වැයෙන් සම්පූර්ණයෙන් වර්ෂයටම මුදල් වෙන් කර දෙන්නෙ නැහැ. කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නීරික්ෂණය කර මුදල් වෙන්කර දීමට තීරණය කර නියමිතයි.
සාර්ථක බව පෙන්නුම් කිරිමට අපොහොසත් ව්‍යාපෘති සඳහා නැවත් මුදල් ලබා නොදෙන්නත් තීරණය කලා.
දේශීය නිෂ්පාදන ඉහළ නංවා පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ඇති කීරීමට කටයුතු කළ යුතුයි.


ඉස්සර ජනගහණයෙන් 114 කට එක් රාජ්‍ය සේවකයකු සිටියා දැන් අනුපාතය මේ වන විට 10 ට එක් අයෙකු ලෙස ඉහළ ගොස් එහි ඵලදායිතාව එලෙස වැඩි වී නැත.
රාජ්‍ය අංශයේ රැකියා අලුතින් ලබා නොදී දැනට සිටින රාජ්‍ය සේවකයින් ලවා සේවා අවශ්‍යතා සපුරා ගත යුතු බවද මතක් කරමි.‘