anura-kumara-lanka-mag

ජනතා විමුක්ති පෙරමුණට මඩ ගැසීම ඉලක්ක කර ‘සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා - සාක්ෂිත් සමඟම කැම්පේන් විස්තර එළියට’ යන ශීර්ෂය සහිතව ව්‍යාජ පුවතක් ලංකා මැග්  (Lanka mag)  නමැති වෙබ් අඩවියෙහි පළ කර ඇති බව දක්වා ඊට එරෙහිව එම පක්ෂය ඊයේ (19දා) කොළඹ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.



පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික හදුන්නෙත්ති මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේ මෙම අසත්‍ය මඩ ප්‍රචාරය හුදු ගෝඨාභය රාජපක්ෂ මඩ බළකාය විසින් කළ ක්‍රියාවක් බවත් මීට පක්ෂපාතීව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාද සිය මුහුණුපොත හරහා අදහස් පළ කර ඇති බවයි. ඔහුවද වගඋත්තර කර ඇති පැමිණිල්ලේ එය මෙම පැමිණිල්ලට හොඳ සාක්ෂියක් බව ඔහු කීය.