anil-jasinghe-katunayake

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගී වීම සදහා , විදේශ
ගත වීම සදහා 10/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින වෛද්‍ය අනිල් ජාසිංහ
මහතා , කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා ,

ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට හේතු වී තිබේ.

ඔහු මෙම සමුළුවට සහභාගී වීම සදහා 10/03 දින රාත්‍රී 08.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
ඩුබායි ඔස්සේ දකුණු කොරියාව වෙත පිටත්වීම සදහා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන්
යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

අනිල් ජාසිංහ මහතා එන්නත් ලබා ගත් බවට සනාථ කෙරෙන කාඩ්පත ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට
, තම නිවස තුළ සොයා බැලුවද , එය සොයා ගැනීමට නොහැකිව අස්ථානගත වී ඇති බව පැවසීය .

එනිසා මෙම කාඩ්පතේ ජායා පිටපතක් , ජාතික රෝහලේ සිට තම වට්ස් ඇප් ගිණුම වෙත ගෙන්වා ගැනීමට
කටයුතු කරමින් සිටී .

මෙම එන්නත් කාඩ්පත නොමැතිව කිසිදු රටක ගුවන් තොටුපළකින් එම රට තුළට  ඇතුළු කර ගැනීම අනිවාර්ය
අංගයක් බවට පත් වී තිබේ .


 - ටී.කේ.ජී. කපිල