afganistan-polio-vaccine

එන්නත්කරණයේ සාර්ථකත්වය නිසා ලෝකයෙන් තුරන් වෙමින් පවතින පෝලියෝ රෝගය දැනට ඉතිරිව ඇත්තේ ලෝකයේ රටවල් 3 ක පමණි.පකිස්ථානය සහ  නයිජීරියාව හැර පෝලියෝ රෝගීන් තවමත් වාර්තා වන එකම රට ඇෆ්ගනිස්ථානයයි.

වසර 10 කට පමණ පෙර හමීඩ් කර්සායි ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිව සිටියදී පෝලියෝ මර්දන කාර්යය යුද්ධය නිසා අඩාලව ගිය අතර තලේබාන් සංවිධානයෙන් අනුමැතිය ලබා ගැනීමට සිදු වූ නමුත් ඔවුන් ඊට උනන්දු නොවිය.
විශේෂයෙන් වසිරිස්තානයේ සහ කයිබර් පක්තුන්ක්වා හි මෙම වසර තුළදී දෙවරක් පෝලියෝ මර්දන ව්‍යාපාරය නැවැත්වීමට සිදු වූයේ පකිස්ථානු තලේබාන් සංවිධානය පෝලියෝ සේවකයින් ඝාතනය කළ බැවිනි.


මේ සම්බන්ධයෙන් තලේබාන් භීතිය හේතුවෙන් කිසිවෙකු ඉදිරිපත් වීමට සූදානම් වූයේ නැත. කර්සායි පසුව තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කළේ අවම වශයෙන් මෙම කාර්යයේදී ගැටලු ඇති නොකරන ලෙසත්, එය රටේ සහ දරුවන්ගේ අනාගතය හා සම්බන්ධ කාරණයක් වූ නිසාත් ය.
ඇෆ්ගනිස්ථානයේ වත්මන්  තලේබාන් රජය දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීමට තීරණයක් ගෙන ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසා ඊට හිමිව ඇත. ලබන 8 වන දා රට තුළ පෝලියෝ මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව තලේබාන් සංවිධානය පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ අරමුදල ද මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.