විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා කියා සිටියේ
කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ
ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 21 ක් දෙනෙකු දැනටත් අනුයුක්ත කර ඇති බවය.
කාන්තා පොලිස් නිලධාරිනියන් 4 දෙනෙකු ඇතුළුව පොලිසියේ 21 දෙනෙකු මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ඒ වෙනුවෙන් නිදහස් කර ඇති බව ද නම් විස්තර සියල්ල තමන් සතු බවද ඔහු පැවසීය.
නිල වශයෙන් රජයේ තනතුරක් හෝ නොපැවති කෙනෙකු වෙනුවෙන් එම තැනැත්තා මියගිය පසුත් එවැනි ආරක්ෂාවක් ලබාදීම රජය පොලිසිය දේශපාලනයේ යෙදීමක් ලෙස පෙනීයන බවත් මහජන මුදල් වැයකරමින් එවැන්නක් සිදු කර ඇත්තේ කුමන පදනමකින්දැයි හෙළි කළ යුතු බවත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval