Welisara-Garment-Factory-employing-only-blind-women
වැලිසර නගරයට ආසන්න කුඩා ඇඟලුම් කම්හලක් තිබෙන අතර එහි විශේෂත්වය වන්නේ අන්ධ කාන්තාවන් පමණක් සේවයේ නියැලීමය. ඔවුන් සියලු දෙනා රටේ බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි අය වේ. 

කම්හලේ සිටින එකම අන්ධ නොවන තැනැත්තිය ආයතනයේ භාරකාරිය වන ෂමීන් ෆලල්ඩීන් මහත්මියයි. ඇය සමාජ සේවයක් කිරීමට ඇති ආශාව මත ව්‍යාපෘතිය ආරම්භ කළාය. ආරම්භයේදි අන්ධ කාන්තාවන් හට මහන මැෂිම සදහා අවශ්‍ය පුහුණුව ලබාදීම ෆලල්ඩීන් මහත්මියට මහත් අභියෝගයක් විය.

නමුත් අද වන විට පෙනෙන මිනිසුන්ට පවා අභියෝගාත්මක ලෙස සංකීර්ණ නිර්මාණ මැසීමේ දක්ෂ කාන්තාවන්ගේ බිහිකිරීමට ඇය සමත් වී ඇත. කම්හලේ අන්ධ කාන්තාවන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔවුන්ගේ පවුලේ ආදායම ඉහළ නැංවීමට අමතරව කිසිවෙකුට බරක් නොවී තම කුසලතා වර්ධනය කර ගනිමින් ජීවත් වීම සමාජයට වටිනා පාඩමක් කියා දෙයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අපනයන හා දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතියෙන් ඉහළ ප්‍රතිශතයක් නියෝජනය කරයි. ෆලල්ඩීන් මහත්මිය පවසන පරිදි , "ආයතනය 2019 දී ආරම්භ කළ අතර, ඒ වන විට අන්ධ කාන්තාවන්ට මහන මැෂිම භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිදු දැනුමක් නොතිබූ නමුත්, කාලය හා පුහුණුව සමඟ, ඔවුන් සියල්ලන්ම දක්ෂ මැහුම් ශිල්පීන් බවට පත් ව තිබේ. "පුද්ගලයින් හට ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගැනීම සදහා අවශ්‍ය සහාය ලබා දීමේන් ඔවුන් සාර්ථක වන බව." තමන් විසින් අත්දුටු බවත් ඇය පැවසුවාය.
Source: A24 News