cricket-world-cup-twenty20

ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය යටතේ සුපිරි 12 දෙනාගේ වටයේ A ඛාණ්ඩය යටතේ බංග්ලාදේශ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර බදාදා පැවැති තරඟය කඩුලු 8 කින් එංගලන්තය ජයගන්නා ලදි.
මේ නිසා බංග්ලාදේශ කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ රැඳී සිටීමට පවා අවිනිශ්චිත තත්වයක් උදා වී තිබේ.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ මුලින් පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස් කලේ ලකුණු 124 ක් පමණි .
ජයග්‍රහණය සඳහා හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 14 කුත් එක් පන්දුවක් අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කර ගියේය.
මෙම තරඟය ජය ගැනීමෙන් අනතුරුව A ඛාණ්ඩයේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී අතර ලෝක කුසලානයේ ඉදිරියට යෑමට බංග්ලාදේශයට ඉතිරි තරඟ තුනම ජයග්‍රහණය කිරීම අනිවාර්‍ය වී තිබේ
ප්‍රසාද ලකුණු සටහනේ බංගලාදේශය පසු වන්නේ අවසාන ස්ථානයේය
---------------

සුපිරි දොළොස් දෙනාගේ තරග වටය යටතේ Group 2 කාණ්ඩයේ ස්කොට්ලන්ත කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර බදාදා පැවති තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කර කඩුළු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට නැමීබියා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.


මෙම ජයග්‍රහණය ක්‍රිකට් ඉතිහාසයට එක් වූයේ නැමීබියා කණ්ඩායම විසින් සුපිරි 12 තරඟ වටයක දී තරගයක් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව ලෙසයි.
ස්කොට්ලන්ත පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 109ක් රැස්කළ අතර ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි නැමීබියා පිතිකරුවන් පන්දුවාර 19කුත් එක් පන්දුවක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

නැමීබියානු කණ්ඩායම අද ලැබූ ජයග්‍රහණයත් සමග Group 2 කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇති අතර ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් ද ප්‍රසාද ලකුණු සටහනේ අභිබවා ගොස් ඇත.


ප්‍රසාද ලකුණු සටහන් පහතින්