welamitiyawe-thera-no-more

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අද (28) අලුයම අපවත් වුහ.
අපවත්වන විට උන්වහන්සේ 84 වන වියේ පසුවිය.
මෑත කාලීනව බුද්ධ ධර්මය, පාලි සහ සංස්කෘත අධ්‍යාපනයට පුරෝගාමී වූ විද්‍යාලංකාර පිරිවෙන හෙවත් කැලණි සරසවිය භාරගත් 7 වැන්නා ලෙස එහිමියෝ දිගු කලක් කටයුතු කළහ.



1937 පෙබරවාරි 20 වැනි දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල අසල වැලමිටියාවේ දී උපත ලැබූ උන්වහන්සේ 1954 ජනවාරි 07 වැනි දින සාමණේර පැවිද්ද ලබා ගත්හ. කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හාමුදුරුවෝ. යක්කඩුවේ පඤ්ඤාරාම නායක හාමුදුරුවෝ යටතේ ගුරුහරුකම් ලැබූහ.

1963 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා 1958 මැයි මස මහනුවර මල්වත්ත මහා විහාරයේ ඓතිහාසික උපෝසථාගාරයෙන් උසස් උපසම්පදාව ලබා 1963 සිට 1983 දක්වා පන්නිපිටිය පිරිවෙනේ ශාඛාවේ අධ්‍යක්ෂ සහ උප පරිවේණාධිපති වශයෙන් කටයුතු කළහ.

කුසලධම්ම හිමියන් වසර ගණනාවක් තිස්සේ ආබාධිතයන් සඳහා කෘත්‍රිම පාද සහ රෝද පුටු වසරකට දෙවරක් පරිත්‍යාග කරන අතර ධර්ම දේශනා, පිංකම් ආදිය සඳහා රටපුරා විශාල වශයෙන් වැඩම කරති.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ගමක් නායක ස්වාමීන් වහන්සේ විසින් සංවර්ධනය සඳහා තෝරාගෙන ඇත. එහි පාසල සඳහා ගොඩනැගිලි ඉදිකර අත්‍යාවශ්‍ය දෑ ලබා දෙන ලදී. ගමට කෘෂිකාර්මික හා නාන ළිං ලබාදුන් අතර අසරණ සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දුන්නා. කැලණිය ප්‍රදේශයේ සත් කෝරළයේ, ධර්මාලෝක, ගුරුකුල විද්‍යාල ඇතුළු අනෙකුත් පාසල්වල අසරණ සිසුන් රැසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

හාමුදුරුවෝ. 2003 වසරේ මියන්මාර රජය අග්ග මහා සද්ධම්ම යන ගෞරව නාමයෙන් පිදුම් කරනු ලැබූහ.


මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරයද එහිමියෝ දැරූහ.

තමාට කෙතරම් තනතුරු ලැබුන ද ඒ සියල්ලට වඩා බුදුරාජාණන් වහන්සේට තිබූ ශ්‍රද්ධාව මුල් කොට සිය දිවිය ගත කළහ. සෑම මසක ම අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීම වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ  සිරිතක් විය.