Teach-in-schools-on-the-21st-Employee-graduates

ලබන ඔක්තෝබර් මස 21 වනදා රජය මගින් පාසල් ආරම්භ කිරීමට දින යොදාගෙන තිබුණද ගුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක නිසා පාසල්වලට ගුරුවරුන්ගේ සහභාගීත්වය ගැන තවම පවතින්නේ ප්‍රශ්නාර්ථයකි.




මේ අතර රජයට සම්බන්ධ ගුරු වෘත්තිය සමිති තමන් වර්ජනය අතහැර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් පැමිණෙන බව දන්වා ඇති අතර පොලිසිය භාර රාජ්‍ය ඇමතිවරයා පසුගිය සතියේ දන්වා සිටියේ නිර්භීතව පැමිණෙන ගුරුවරුන්ට ආරක්ෂාව සපයන බවත් බාධා කරන අය අත්අඩංගුවට ගන්නා බවත්ය.

බොහෝ අය ප්‍රකාශ කරන්නේ වර්ජනය කරන ගුරු වෘත්තීය සමිතිය එම මතයට සම්බන්ධ ගුරුවරුන් විශාල වන නිසා රජයේ මෙම උත්සාහය අසාර්ථක වනු ඇති බවයි.
මේ අතරවාරයේ අද දින රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් විශේෂ චක්‍රලේඛයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බව දැනගන්නට ලැබේ.

එහි සඳහන්ව ඇත්තේ 21 වනදා සිට ළමුන් 200 ට අඩු පාසල්වල උගැන්වීම සඳහා දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන පුහුණු උපාධිධාරීන් අනුයුක්ත කරන ලෙසයි.

මෙම පිරිස අතර වැඩිපුර සිටින්නේ ගුරුවරුන් ලෙස පුහුණුව ලැබීමට නොව සංවර්ධන නිලධෘරින් ලෙස පුහුණුවට තෝරාගත් පිරිස වන අතර රජය පත්වීම් ලබාදුන් උපාධිධාරීන් 60,000ගෙන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ අය ඉගැන්වීම් කටයුතු සඳහා යොදවා ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර තිබේ. රජයේ වැඩසටහන වෙනුවෙන් ඔවුන් අලුතින්ම පාසල්වලට අනුයුක්ත කරන්නට නියෝග කර ඇති බව දැනගන්නට ලැබේ.