මෙම සති අන්තයේ සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණත් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ජනතාව සංචාරක ස්ථාන වෙත පැමිණි බව ප්‍රාදේශිය වාර්තාකරුවන් සඳහන් කර තිබේ.


දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශීය සංචාරකයින් ඇල්ල සංචාරක කලාපයට පැමිණ ඇති ආකාරය අද (17) පෙරවරුවේ වාර්තාවන අතර එහි පැමිණි බොහෝ දෙනෙකුගේ රථවාහන ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාතේ බව රථවාහන අංක තහඩුවලින්ද අනාවරණයවූ බව ප්‍රාදේශීය මාධ්‍ය සඳහන් කරයිඇතැමුන් මුහුණු ආවරණ හෝ නොපැලඳ කටයුතු කරන ආකාරය ද වාර්තාවී ඇත.
 බදුල්ල ඇල්ල සංචාරක කලාපයේ සංචාරක හෝටල් බහුතරයක් මේ වනවිටත් සංචාරකයින්ගෙන් පිරීගොස් ඇත.

කෙසේ වෙතත් පලාත් සංචරණ සීමා උල්ලංඝණය කළ වාහන 326 ක් හා පුද්ගලයින් 786 ක් නැවත හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ඒකකය වාර්තා කර තිබුණි.