මුහම්මද් නබි තුමාගේ හිස සුනඛයෙකුගේ සිරුරේ කාටුනයක සටහන් කර පසුගියදා අනේදෝලනාත්මක පුවත් මැවූ ස්වීඩන් කලා ශිල්පී ලාර්ස් විල්ක්ස් අසාමාන්‍ය රිය අනතුරකින් මියයාමේ සිද්ධියක් වාර්තාවේ.

දකුණු ස්වීඩනයේ මාකරිඩ් නගරය අසලදී විල්ක්ස් සිවිල් පොලිස් වාහනයක ගමන් කරමින් සිටියදී ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

පොලිස් ආරක්‍ෂක භටයින් දෙදෙනෙකු ද ජීවිතක්‍ෂයට පත් කළ මෙම අනතුර හිතාමතා කළ එකක් බවට සැකසහිත බවට  වාර්තා පළවේ.


75 හැවිරිදි කලාකරුවා කාටූනය නිසා මරණ තර්ජන එල්ල වීමෙන් පසු පොලිස් ආරක්ෂාව යටතේ ජීවත් වී ඇත.

අනතුරෙන් පසු විශාල ගින්නක් හටගත් බවද වාර්තාවී තිබේ.

පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගැටුම සිදු වූයේ කෙසේද යන්න තවමත් අපැහැදිලි නමුත්  කිසිවෙකු ඊට සම්බන්ධ බවට තවම පැහැදිලි කිරීමට තොරතුරු නොමැති බවයි.

එක් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් ඇෆ්ටොන්බ්ලැඩෙට් පුවත්පතට පැවසුවේ විල්ක්ස් සිටි රථය පාලනය කර ගත නොහැකි යැයි හැඟෙන අධික වේගයෙන් ට්‍රක් රථය දෙසට පැමිණි බවයි. ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයට හැරීමට වෙලාවක් නොතිබූ  අවස්ථාවේ ගැටුණු බව ඔහු පුවත්පතට පැවසීය. රියදුරු ගැන දැන් සැකයක්ද පහළව ඇති අතර ඔහු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එහිදී පොලිසිය මගින් ප්‍රශ්න කර තිබේ.
දකුණු ස්වීඩනයේ ප්‍රාදේශීය විමර්ශන ඒකකයේ ප්‍රධානී ස්ටෙෆන් සින්ටියස් මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කාරය පාරෙන් ඉවතට පැන ගියේ ඇයිද යන්න සෙවීමට නිලධාරීන් උත්සාහ කරන බවයි.



මෙම කලාකරුවා 2007 දී අඳින ලද කාටූනයෙන් නබිතුමාගේ දෘශ්‍ය නිරූපණය අපහාසයක් වී ඇති බව ආන්දෝලනය මතුවූයේ ඩෙන්මාර්ක පුවත්පතක් නබිතුමාගේ කාටූන් ප්‍රකාශයට පත් කර වසරකට පසුව මැතකයි. එය බොහෝ මුස්ලිම්වරුන්ගේ සිත් රිදවන ලදී.

(බීබීසී ඇසුරිනි - Gossiplankanews.com)