Sugar-and-rice-prices-go-up-without-control

වෙළඳපොලේ සීනි සහ සහල් මිල මේ වන විට පාලනයකින් තොරව ඉහල යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි. 


සීනි සඳහා පාලන මිලක් පනවා ඇති මොහොතක යලිත් මෙලෙස මිල ඉහල ගොස් ඇති අතර පසුගිය කාලසීමාව තුලදී

සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා සීග්‍ර ලෙස ඉහල ගොස් තිබුණි. එම අවස්ථාවේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැටලීම් සිදුකොට අදාල සීනි තොග සොයාගෙන රටට මාධ්‍ය ඔස්සේ කරුණු කියා රජය  සීනි සඳහා පාලන මිලක් ද නියම කරනු ලැබීය.
රුපියල් 122ක පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් වූ නමුදු අද වන විට වෙළඳපොලේ සුදු සීනි රුපියල් 135ක මිලකට අලෙවි වන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේය.
 එමෙන්ම, දුඹුරු සීනි කිලෝග්‍රෑමයක්  පාලන මිල 125  වන නමුත්, මේ වන විට138ක මිලකට අලෙවිවේ.

සහල් මිල ගණන් ද තවදුරටත් ඉහල ගොස්  ඇති අතර පෙර සහල් සඳහා පාලන මිලක් පනවා තිබුනද එය රජය විසින්  ඉවත් කිරිමෙන් පසුව දැනට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් රුපියල් 125කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 150කටත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 220කට පමණ මිලකටත් අලෙවි වෙයි.