පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සිදු කළ කරුණු දැක්වීමකට පිළිතුරු ලෙස යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්‍යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පිළිතුරක් එවා ඇත.
තමා වෙත සිය අත් අකුරින්ම පාප් වහන්සේ ලිපියක් එවා ඇතැයි අද (23) මාධ්‍ය හමුවක් පවත්වමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටියහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ "පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය" සංවිධානය කළ දෙවන දැනුවත් කිරීමේ වැඩසටහනේදී අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ එහි සඳහන් කර ඇතැයි කාදිනල්තුමෝ සඳහන් කළහ.
Comments
Post a Comment
Your comment will be visible after approval