575-prisoners-escape-from-prison-in-Nigeria

අප්‍රිකානු මහද්වීපයේ වඩාත් ජනාකීර්ණ රට ලෙස සැලකෙන නයිජීරියාවේ නිරිතදිග  ඔයෝ නගරයේ අබොලොන්ගෝ නමැති සිරකඳවුරකට සන්නද්ධ කල්ලියක් සිදු කළ ප්‍රහාරයකින් පසු සිරකරුවන් 575 ක් පමණ පැනගොස් ඇතැයි වාර්තාවේ.
විශාල වශයෙන් අපරාධ කල්ලිවල ග්‍රහණයට ලක්ව ඇති රටක් වන නයිජීරියාවේ මේ ආකාරයට තම සගයින් බේරාගැනීමට සිරකඳවුරුවලට සංවිධානාත්මක ප්‍රහාර එල්ල කිරීම් මීට ඉහතත් වාර්තාවී තිබුණි.


සැප්තැම්බර් මස මධ්‍යම නයිජීරියාවේ කොගි ප්‍රාන්තයේ තවත් බන්ධනාගාරයකට එල්ල වූ ප්‍රහාරයකදී සිරකරුවන් 240ක් ද අප්‍රේල් මාසයේදී, ගිනිකොනදිග තවත් බන්ධනාගාරයකට එල්ල වූ ප්‍රහාරයකින් සිරකරුවන් 1800 කට වැඩි පිරිසක් පලා ගිය බවට වාර්තා තිබේ.
ඔයෝ ප්‍රාන්ත සිරකඳවුරේ මහජන සම්බන්ධතා නිලධාරි ඔලරෙවජු අන්ජොරින් නයිජීරියාවේ ප්‍රවෘත්ති ඒජන්සියට (එන්ඒඑන්)  වෙත පවසා සිටියේ

සන්නද්ධ පුද්ගලයින් සිකුරාදා රාත්‍රියේ රාත්‍රී 9.50 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ප්‍රහාරකයින් දැඩි ලෙස ආයුධ සන්නද්ධව සිටි බවත්  රැඳවියන් නිදහස් කිරීමට පෙර මුරකරුවන් සමග දැඩි වෙඩි හුවමාරුවක යෙදී සිටි බවත්ය. අත්බෝම්බ ප්‍රහාරද සිදුව තිබේ.
පසුගිය වසර තුළදී ආරක්ෂක අංශ අතළොස්සකට, විශේෂයෙන් පොලිස් ස්ථානවලට සමාන ආකාරයකින් පහර දී ඇත.
නයිජීරියාව ගතවූ වකවානුව තුළ අනාරක්ෂිත භාවය සමඟ පොරබදමින් සිටින රටක්වන අතර එහි භූමි ප්‍රදේශ විශාල ප්‍රමාණයක් අපරාධ කණ්ඩායම් යටතේ පාලනය වේ.
රජයේ දත්ත වලට අනුව නයිජීරියානු බන්ධනාගාර තුළ රැඳවියන් 70,000 ක් රඳවාගෙන සිටින නමුත් වැරදිකරුවන් වී ඇත්තේ 20,000 ක් හෝ 27%ක් පමණි.
( අල්ජසීරා ඇසුරිනි -Gossiplankanews.com)