බ්‍රිතාන්‍යයේදී සිකුරාදා දින අගමැති බොරිස් ජොන්සන්ගේ පාර්ශවයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන 69 හැවිරිදි ඩේවිඩ් අමිස්ට පිහි ඇනුමක් සිදුවූ අතර අසාධ්‍ය තත්ත්වයෙන් ඔහුව රෝහල වෙත ගෙන ගිය නමුත් ඔහු එහිදී මිය ගියේය.  එරට ව්‍යවස්ථා සම්පාදකයෙකු ලෙස ප්‍රකට නමක් දිනා සිටි අමිස් සිද්ධිය වන අවස්ථාවේ පල්ලියක සිටි අතර ඔහුගේ ප්‍රදේශයේ මිනිසුන් සමඟ කතා කරමින් සිටි බව කියැවේ. පිහි ඇනුම කළ 25 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය හුදෙකලා සිදුවීමක් නොවන බව පරීක්ෂණ පවත්වන නිලධාරීන් දන්වා ඇත. මෙය කිසියම් කණ්ඩායමක ත්‍රස්ත ක්‍රියාවක් බවට සැක මතුව තිබේ. විශේෂයෙන්ම සම ලිංගික සංවිධාන ඔහුට එරෙහිව කටයුතු කිරීමේ අවස්ථා කිහිපයක්ද වාර්තාවී ඇත.
වැඩිදුර පරීක්ෂණ අවසානයේ සියල්ල හෙළිවනු ඇති බවත් අද (16) බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
පිහිය අතින් ගත් පුද්ගලයා අමිස්ට කිහිප විටක්ම පහර දුන් බව කියවේ. ඔහුගේ ආධාරකරුවන් තම මන්ත්‍රීවරයා බේරා ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. ප්‍රහාරකයා ඝාතනයට යොදා ගත් පිහිය ද පොලිසිය සොයාගෙන ඇත.



 ඩේවිඩ් අමිස් තිදරු පියෙකු විය.ඔහු වසර 38 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි නමුත් ඇමතිවරයෙකු බවට පත් නොවීය.
මෙම සංසිද්ධිය සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුව ඇත.
2016 දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝ කොක්ස් ඝාතනය වීමෙන් පසු ඇතිවූ දරුණුම සංසිද්ධිය මෙයයි. මෙයට පෙර පවා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවෙන් පිටත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන විවිධ ප්‍රශ්න ඇතිවී තිබුණි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රීමත් ලින්ඩ්සේ හෝල්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර තිබුණි. කෙසේ වෙතත් දැන් මන්ත්‍රීවරුන්ටද තම ප්‍රදේශයේ ආරක්ෂාව ලැබෙන බව කියැවේ. පුද්ගලික අනතුරු ඇඟවීම වැනි තාක්‍ෂණයක් ද ඔවුන් සතුව ඇත. පොලිසියෙන් වැඩි ආරක්ෂාවක් ඉල්ලීමට පවා ඔවුන්ට පුළුවන. කෙසේ වෙතත්, ආරක්ෂාව සැපයීමේදී වෙනස්කම් කිරීමේ ගැටලුව බ්‍රිතාන්‍යයේ දේශපාලන කව තුළ සංවාදාත්මකව ඉහළ යමින් පවතී.

ඝාතනයවූ ඩේවිඩ් අමිස් සමලිංගික විවාහ සහ ගබ්සාව පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් කිහිපවරක්ම ප්‍රසිද්ධියේ විරෝධය දැක්වූ බව ඩේලි මේල් පුවත්පත වාර්තා කළේය. මෙය සමහර පුද්ගලයින්ට ඔහු සමඟ දැඩි කෝපයක් ඇති කර තිබූ බව පැවසේ. මේ ඝාතකයන් එවැනි කෝපයක් වෙනුවෙන් පෙනී සිටියාද යන්න ගැනද විමර්ශනය කෙරේ.
(ඒඑෆ්පී ඇසුරිනි -Gossiplankanews.com)