යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලයට තවත් දෙසතියකින් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ සතියේ දැනුම් දුන්නේය.
මෙම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර ඇත්තේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ කීර්තිමත් නීති විශාරදයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ කෙටුම්පත් කමිටුවකි. ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම සාක්ෂි සහ යෝජනා ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුව මගින් ලබාදී ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පමණක් සිය පක්ෂය මෙයට යෝජනා ඉදිරිපත් නොකරන බව දැන්වීය. ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කොට දීර්ඝ සංවාදයකට ලක් කරන අතර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබන වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගන්නට අපේක්ෂා කරන බවද සැලයි. මේ බව ජනපතිවරයා පසුගියදා අනුරාධපුරයේදීද ප්‍රකාශ කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval