Two-men-and-the-first-Chinese-woman-into-space-for-the-longest-mission-in-six-months

චීන අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අද ගොඩ බැස තිබේ.
Shenzhou-13 යානයෙන් ඊයේ පිටත්වූ ඔවුන් අභ්‍යාවකාශයේ පිහිටුවන ලද මධ්‍යස්ථානයක ඉදිරි මාස 6 ක කාලයේ ගත කරනු ඇතැයි වාර්තාවේ.


 එය චීනයේ නව අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධාන පියවරක් ලෙස සැලකේ. මොංගෝලියාවේ ගෝබි කාන්තාරයේ ජියුකුයාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ෂෙන්ෂෝ -13 අභ්‍යවකාශ යානය ඊයේ පිටත්වූ අතර පැය හයහමාරකට පමණ පසු ටියැන්ගොං නමින් නම් කර තිබෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සේය. ගගනගාමීන් දින 183 ක් (මාස 6 ක් පමණ) මෙහි නැවතී වැඩ කරනු ඇත. මෙය මෙතෙක් චීනයේ දිගම මෙහෙයුම වනු ඇත. චීන භාෂාවෙන් ‘ටියැන්ගොං‘ යන්නෙහි තේරුම පාරාදීසය යන්නයි.
අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම සහ ඉදිකිරීම සඳහා තීරණාත්මක තාක්‍ෂණ පරීක්‍ෂා කිරීම් මෙම මාස හයේ ක්‍රියාකාරකම් සඳහා ඇතුළත් වන අතර එමඟින් 2022 දී තවත් මොඩියුල දෙකක් සකසන බව චීන බලධාරීන් දන්වා ඇත. 2022 දෙසැම්බරය වනවිට තවත් කණ්ඩායම් එහි යැවීමට අපේක්ෂා කරයි.
චීනය 2003 සිට අභ්‍යවකාශ මධ්‍යස්ථාන සැලසුම් ආරම්භ කරන ලදි. මුලදී දින 15 රැඳී සිටිමක් පමණක් සිදුවූ නමුත් පසුගිය දිනවල මාස 3 ක මෙහෙයුමක්ද සාර්ථක ලෙස අත්හදා බලන ලදි. මාස 6 ක ගමන සැලසුම් කළේ ඉන් පසුය.

මෙම කාර්ය මණ්ඩලයට ගගනගාමියෙකු වන ෂයි ෂිගාං (55) , වැන්ග් යපිං (41) සහ යි ගුවාන්ෆු  (41)යන කාන්තාවද ඇතුළත් අතර ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තාක්‍ෂණය පරීක්‍ෂා කිරීම හා අභ්‍යවකාශ ඇවිදීම සිදු කරනු ඇත. දිගූ කාලයක් වාසය කිරීමට අවශ්‍ය ආහාර ජලය ඔක්සිජන් ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 6 ක් පමණ මොවුන්ගේ යානය සමග ගෙනගිය බව පැවසේ.



ෂයි ෂිගාං මෙහෙවරේ අණ දෙන නිලධාරියා වනු ඇත.  2008 දී චීනයේ පළමු අභ්‍යවකාශ ඇවිදීම සිදු කළේද ඔහුය.චීන රජය ඔහුට ‘අභ්‍යවකාශ වීරයා‘ යන පදවිය පිරිනමා ඇත.

යි ගුවාන්ෆුගේ  පළමු අභ්‍යවකාශ මෙහෙයුම මෙය වනු ඇත. ඔහු දැනට හමුදාවේ ගගනගාමී බලකායේ දෙවන මට්ටමේ ගගනගාමියා ය. කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවක් වූ වැන්ග් යාපිං 2013 දී ඇයට පිරිනමන ලද මෙහෙවරක් සාර්ථකවූ නිසා තෝරාගන්නා ලදි. ඇය අභ්‍යවකාශයට ගිය චීනයේ ප්‍රථම කාන්තාව වනු ඇත. 
(සීජීටීඑන් ඇසුරිනි -Gossiplankanews.com)