Five-airlines-resume-operations-in-Sri-Lanka-from-December

දෙසැම්බර් මාසය වන විට ගුවන් සමාගම් පහක් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය අද නිවේදනය කළේය. ප්‍රංශය, ඉතාලිය සහ රුසියාව යන රටවල ගුවන් සේවා මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව Swiss leisure travel airline Edelweiss නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.



 රුසියාවේ Aeroflot සමාගම ද නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

එයාර් ෆ්‍රාන්ස් නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන බවත් රුසියාවේ සහ ඉතාලියේ සිට ක්‍රියාත්මක වන තවත් ගුවන් ගමන් දෙකක් දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඉන්දියාව සහ රුසියාව යන රටවලින් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ප්‍රවර්ධන කටයුතු සිදු කරන ලෙස රණතුංග මහතා මේ සතිය මුලදී බලධාරීන්ට දැනුම් දුන්නේය. කසකස්තානය, යුක්රේනය සහ මැදපෙරදිග යන රටවල ප්‍රවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ද අමාත්‍යවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දුන්නේය.