Rajinikanths-latest-movie-Annaatthe-trailer-hits-3-million-in-3-hours

රජිනිකාන්ත් යනු ලොව පුරා රසිකයින් සිටින ඉන්දීය දමිළ සිනමා තාරුකාවකි, ඔහු කෙරෙහි උන්මාදය අපමණය. රජිනිකාන්ත්ගේ මීළඟ 'අන්නත්තේ' චිත්‍රපටය ගැන පූර්ව ආරංචි පසුගිය කාලයේ පැතිරුණ අතර එහි ට්‍රෙලරය අද නිකුත් විය. යූටියුබ් වෙත එය නිකුත්වී පැය 3 ක්තුළ මිලියන 3 ක් නරඹා තිබේ.

සන් පික්චර්ස් ලේබලයෙන් ශිවා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2021 නොවැම්බර් 4 වන දින දීවාලි උත්සවයේදී නිකුත් කිරීමට නියමිතය.




 ක්‍රියාදාම නාට්‍ය චිත්‍රපටයක් වන මෙය ඉදිරියට ඉන්දියාවේ පමණක් නොව ඇමරිකාවේද බොක්ස් ඔෆීස් වාර්තා තබනු ඇතැයි සිනමා කර්මාන්ත ආරංචි හෙළිකර තිබේ. එයට හේතුවී ඇත්තේ
අගුලු දැමීම් ලිහිල් කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ සිනමාහල් 700 ක ප්‍රදර්ශනය සඳහා මෙය අනුමැතිය ලබා තිබීමයි.  ඇමරිකා එක්සත් ජනපදයේ දමිළ චිත්‍රපටයක් සඳහා මෙතෙක් නිකුත් වූ ඉහළම අවසරය 'අන්නත්තේ' චිත්‍රපටයට හිමිව ඇති බව කියැවේ.


මෙහිදී රජිනිකාන්ත් ග්‍රාමීය අවතාරයකට පෙනී සිටින අතර, මෙම චිත්‍රපටය සහෝදර සහෝදරියන්ගේ සම්බන්ධය මත පදනම් වූ කතාවක් බව වාර්තා වේ. මෙම චිත්‍රපටයේ නයන්තාරා හා මීනා රජිනිකාන්ත් සමඟින් පෙනී සිටින අතර  කුෂ්බු සහ කීර්ති සුරේෂ් සෙසු ප්‍රධානචරිතවල රඟපාති.