චීනයේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වෛරස් ආසාදනය වැඩිවෙමින් පවතී. මේ හේතුවෙන් චීන රජය වයඹදිග ලැන්ෂෝ නගරයේ අගුලු දමා ඇත. හදිසි අවස්ථාවකදී පමණක් ජනතාවට නිවසින් පිටතට යාමට අවසර ලබාදෙන බව පාලනාධිකාරිය පවසයි.

Lanzhou හි බොහෝ ස්ථානවල මාර්ග අවහිර කර ඇති අතර ගමනාගමනය තහනම් කර ඇත.
සංඛ්‍යාලේඛන ලැබෙන්නේ කිසියම් අධීක්ෂණයක් යටතේ වන අතර වාර්තාකර ඇති නව කොරෝනා ආසාදිතයින් 29 කි. විකල්ප මාධය පවසන්නේ මෙම සංඛ්‍යා ඊට වැඩි වියයුතු බවයි.


 Lanzhou City යනු Gansu හි වයඹ දිග පළාතේ අගනුවරයි. මෙහි ජනගහනය ලක්ෂ 40 ඉක්මවයි.
නිලධාරීන් පැවසුවේ Lanzhou හි මිනිසුන්ගේ සංචලනය සමීපව නිරීක්ෂණය කරන බවයි. අත්‍යාවශ්‍ය දේවල් සැපයීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පමණක් ජනතාවට නිවසින් පිටතට යාමට අවසර දෙනු ලැබේ. දේශීය පුරවැසියන් එක්රැස්වීම තහනම් කර ඇත.

අගුලු දැමීමෙන් පසු නගරයේ නිශ්ශබ්දතාවයක් ඇත, මිනිසුන් ඔවුන්ගේ නිවෙස්වල සිර කර ඇත.
දිනෙන් දින ඉහළ යන කොරෝනා රෝගීන් පිළිබඳව චීන පරිපාලනය දැඩි අවධානයෙන් සිටී. උතුරු චීනයේ දහස් ගණනකට නිවෙස්වල රැඳී සිටින ලෙස දැනුම් දී ඇත. ඒ වගේම සංචාරක ස්ථානවලට මිනිසුන්ගේ ගමනාගමනය සීමා කර අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් නගරයෙන් පිටතට යන ලෙස ප්‍රදේශවාසීන්ට උපදෙස් දී ඇත.

චීනයේ  වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ ලෙස පැතිරෙන බව කියැවේ. සඳුදා, අභ්‍යන්තර මොන්ගෝලියාවේ අයිජින් ප්‍රාන්තයේ මිනිසුන්ට නිවසේ රැඳී සිටින දන්වා ඇත. Aijin හි ජනගහනය 35,700 කි. පසුගිය සතියේ නව ආසාදිතයින් 150 කට වැඩි පිරිසක් මෙහි සොයාගෙන ඇත.

නගරය හරහා ගමන් කරන අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට ඇති අතර මාර්ග පාළුවට ගොස් ඇත.


චීනයේ ප්‍රාන්ත 11ක කොරෝනා ආසාදනය පැතිරී යන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අනතුරු අඟවා ඇත්තේ සතියක පමණ කාලයකදී ආසාදනය පැතිරී ගියේ විදුලි වේගයෙන් බව කියමිනි. එවැනි තත්ත්වයක් තුළ ඉදිරි දිනවලදී තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත.
බීජිං අගනුවරද කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  ඉහළ ගොස් ඇතැයි දැක්වේ.
කොරොන වයිරස් ආසාදන වැඩිවීම මධ්‍යයේ චීනය බීජිං මැරතන් තරගය නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ.
(Gossiplankanews.com)