Several-of-Picassos-paintings,including-11-paintings,-have-sold-for-110-million

ස්පාඤ්ඤයේ විසූ සුප්‍රසිද්ධ කලාකරුවෙකු වූ පැබ්ලෝ පිකාසෝ විසින් අඳින ලද සිතුවම් 11 ක් ඇතුළුව ඔහුගේ තවත් නිර්මාණ කිහිපයක් පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හිදී වෙන්දේසි කිරීමකට ලක්විය. එහිදී මෙම නිර්මාණ එක්සත් ජනපද ඩොලර් මිලියන 110කට වඩා වැඩි මුදලකට අලෙවි වී ඇතැයි සඳහන් වෙයි. 




සුප්‍රසිද්ධ Sothby's වෙන්දේසි සමාගම විසින් ලාස් ස්වේගාස්හි පිහිට බෙලාගියෝ හෝටලයේදී මෙම වෙන්දෙසිය සංවිධානය කර තිබී ඇත. පිකාසෝගේ 140වැනි උපන්දිනය යෙදෙන ඊයේ (ඔක්තෝබර් 25දා) දිනයට සමගාමීව මෙම වෙදෙසිය පැවැත්වී තිබේ.මෙහිදී ඉහළම මිලක් හිමි වූ පිකාසෝගේ නිර්මාණය වන්නේ 1938 වසරේදී ඔහු විසින් සිතුවම් කරන ලද "Femme at beret rougeorange" නම් චිත්‍රයටයි.

එහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 40.5ක මුදලක් ඊට හිමිව තිබේ. එය මෙම අලෙවියට පෙරාතුව ඇස්තමේන්තු කර තිබූ මිලට වඩා ඩොලර් මිලියන 10ක ඉහළ වටිනාකමකි Domo "Homme et Enfant" සහ "Buste d'homme" යන නිර්මාණ දෙක පිළිවෙළින් ඩොලර් මිලියන 24.4කට සහ මිලියන 9.5කට අලෙවි වී තිබේ. මීට අමතරව "Le Dejeuner sur l'herbe" ලෙස හැදින්වුණු කුඩා පිගන් මැටි නිර්මාණයක් ඩොලර් මිලියන 2.1කට අලෙවි වී ඇත.

මෙයද පෙර අපේක්ෂා කළ වටිනාකමට වඩා තුන් ගුණයක ඉහළ යාමක් ලෙස සැලකෙයි. මෙහිදී එම මිලදී ගැනීම සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න අනාවරණය කෙරී නැත.