විදෙස් යුවළකගේ රු.ලක්ෂ 5ක දේපොළ සොරා ගත්තැයි බස් රියදුරා අත්අඩංගුවට

Ad Code

විදෙස් යුවළකගේ රු.ලක්ෂ 5ක දේපොළ සොරා ගත්තැයි බස් රියදුරා අත්අඩංගුවට

Bus-driver-arrested-for-stealing-Rs-500,000-property-of-a-foreign-couple

මෙරට සංචාරයකට පැමිණි විදේශීය යුවළකගේ රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් උපකරණ සොරා ගත් බවට සැක කරන එම යුවළ ගමන්ගත් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලිසිය ඊයේ (17)දා පැවසීය. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල පදිංචි 55 හැවිරිදි සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන සුඛෝපභෝගී බස්රථයක රියදුරෙකු බවද පොලීසිය කියයි.  පසුගිය දිනක මෙම සිදුවීම සිදුව ඇති බවත් අදාළ සංචාරකයන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ප්‍රංශ ජාතිකයෙකු හා ලිතුවේනියාවේ කාන්තාවක් බවද මොවුන් නෝර්වේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති බව කියයි.



එහිදි මෙම සංචාරක යුවළ පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරිමෙන් පසුව එම පරික්ෂණ වාර්තා ලැබෙනතුරු කටුනායක ගුවන්තොටුපොළේ සිට වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීමට බස්  රථයකින් කැදවගෙන ගොස් ඇති බව කියයි.එම අවස්ථාවේ බස් රථයේ 6දෙනකු ගමන් කර ඇති අතර ඔවුන්ගේ සියලු ගමන්මලු බස්රථයේ රියදුරු ආසනය ආසන්නයේ තබා ඇති බව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී සනාථ වී තිබේ. හෝටලයට පැමිණි පසු එම යුවළ සිය ගමන් මලු පරික්ෂා කර බැලීමේදී එහි තිබූ නෝර්වේජියානු මුදල්වන කෝන් විසිදහසක්, රුධිරය පරික්ෂා කරන උපකරණයක් සහ වටිනා උපැස් යුවළක් බෑගයක නොමැති බව

එම යුවළ වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබේ. අනතුරුව වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රනුක වික්‍රමසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් පසුව බස් රථයේ රියැදුරු සැකපීට අත්අඩංගුවට ගෙන තිබේ.

(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu