බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවේදී හිටපු අධ්‍යාපන ඇමති හා වත්මන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙසේ කීය.
‘ගුරු - විදුහල්පති වැටුප් ප්‍රශ්නයට රජය මේ අවස්ථාවේදී දියහැකි උපරිම විසඳුම දී ඇති බවත් රට ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති මේ අවස්ථාවේදී මීට වඩා දෙයක් කළ නොහැකියි.
රජය අතිශයින් අසීරු තත්වය තුළ වුවද උපරිම සහනය ලබා දුන්නා. ඊට වඩා දෙන්න කැමති වුවද අද පවතින තත්වය තුළ මින් එහා යා නොහැකියි.
අදියර කීපයකින් ලබාදිය හැකි උපරිම විසඳුම මේ වන විට ලබාදී තියෙනවා. මාත් ගුරුවරයෙක් මෙහෙම කරන එක වැරදී‘
Comments
Post a Comment
Your comment will be visible after approval