ස්වීඩනයේ covid-19 වැලදුණු අයගෙන් 70% කට පමණ ගඳ සුවඳ දැනෙන්නේ නැති ප්‍රශ්නේ

Ad Code

ස්වීඩනයේ covid-19 වැලදුණු අයගෙන් 70% කට පමණ ගඳ සුවඳ දැනෙන්නේ නැති ප්‍රශ්නේ

About-70-of-covid-19-sufferers-in-Sweden-have-no-odor-problem

ස්වීඩනය තුළ COVID-19 වෛරසය ආසාදනය වූ පිරිසගෙන් 50%ත් 70%ත් අතර ප්‍රතිශතයකට ගද සුවද දැනීමේ දුර්වලතා හට ගෙන ඇතැයි එරට සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. රෝගය සුවවීමෙන් අනතුරුව ගත වූ මාස කිහිපයේදී තමන් අත්විදින අපහසුතාව පිළිබදව එම පුද්ගලයන් සිදුකර දැනුවත් කිරිම් හරහා මේ පිළිබදව වාර්තා වී තිබේ.



සොඛ්‍ය දත්ත වාර්තාවලට අනුව ස්වීඩනයේ වෙසෙන මිලියන 10 පමණ වන ජනගහනයෙන් ආසන්න වශයෙන් ලක්ෂ 3කට පමණ පිරිසකට මෙලස COVID-19 ආසාදනයෙන් පසුව ගද සුවද නොදැනීම් පිළිබදව වාර්තා කර තිබේ.පිරිසකට සම්පූර්ණයෙන්මද, තවත්පිරිසකට යම් පමණකින්ද මෙම හැකියාව අහිමිවී ගොස් ඇත. මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වන ස්වීඩනය උගුර, කණ, නාසය පිළිබද වෛද්‍යවරයෙකු වන චාර්ලට් සෙර්වින්-හොබෙර්ග්, "අපිට ස්වීඩනය පුරාම මෙවැනි රෝගීන් හමුවුණා.

සමහර අය මට පෞද්ගලිකවම ලියුම් එවා. ඒවගේම හැම විටම ඔවුන් මාව සම්බන්ධ කරගනන උත්සහ කලා.” යනුවෙන් පවසයි. ඔහු පවසන ආකාරයට සාමාන්‍යයෙන් මෙලෙස ගද සුවද නොදැනීම යම් ආසාදනය වීමක්, හිසෙහි හටගන්නා ගෙඩියක්, ස්නායුමය රෝගයක් සහ වයසත් සමගින් ඇතිවිය හැකිය. ඒ අතරින්ද COVID-19 රෝගීන් තුළ මෙම තත්වය ප්‍රබලව දැකගත හැකිවී තිබේ.ඒ අනුව අලුතින් ඇතිව තිබෙන මෙම තත්වය එම පිරිසගේ ජීවිතවෙත දැඩිව බලපා තිබෙන බව වාර්තා පවසයි.



උදාහරණ ලෙස මෙලස ගඳ සුවඳ නොදැනීමට ගත් COVID-I9 රෝගියෙකු අදවනවිට ආහාරයට ගත් වැනිලා අයිස්ක්‍රීම් පමණක් බවත් වෛද්‍යවරයා පවසයි. එම රෝගියාට අනුව අනෙකුත් ආහාර සියල්ලක්ම ඇයට සිගරට් කොට සහ කුණු වූ මස් යොදාගෙන සකස් කරන ලද සුප් එකක් හා සමාන බවත් සදහන් කර තිබේ. ස්වීඩනය තුළ ව්‍යාප්ත වූ මෙම වසංගතය හේතුවෙන් එරට තුළ මිලියන 1.17ක පිරිසක් COVID-19ආසාදිතයන් බවට පත්වූ  අතර, මරණ 15,000ක් වාර්තා වී තිබේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu