synofarm-middle-east

සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත ලබාගෙන පැමිණෙන්නැයි කටාරය හා සෞදි අරාබිය දැනුම් දී තිබේ.





විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මේ හේතුවෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ශ්‍රමිකයන්ට අවශ්‍ය ෆයිසර් එන්නත් ප්‍රමාණය කඩිනමින් ලබාදීමට අවශ්‍යවී ඇති බවයි.

මැද පෙරදිග සහ යුරෝපා රටවල රැකියා  සඳහා යාමේ දී ෆයිසර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කර ඇති  අතර කොවිඩ් වසංගතයෙන් පසුව විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට මෙය අවශ්‍යවී ඇත.
 මේ වනවිට 20,000 කට ආසන්න පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති අතර ඒ අතරින් මුල් අදියරේ දී 8000කට ෆයිසර් එන්නත් ලබා දී ඇතැයි ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.