ආරාධිත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 52 ක් මීට ආවේ නැති අතර 32 ක්ම නෑවිත්ඇත්තේ එන්නේ නැති බව නොකියාය.
රැස්වීමට සහභාගී වී සිටියේ මැතිඇමැතිවරුන් 107 දෙනෙක් පමණි.
නොපැමිණි මන්ත්‍රිවරුන් අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විමල් වීරවංශද සිටි බව කියැවේ.
පසුගිය කාලයේ ආණ්ඩු ප්‍රබලයින් සමග විරසකකම් නිසා බෙදීයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන පිරිසක් මෙහි නොපැමිණි බවට කතාවක්ද පවතින අතර තවත් කතාවකින් කියැවුනේ සැලකිය යුතු ප්‍රමාණයත් නොපැමිණ සිටීමට ‘ඇන්ටිජන්’ ගැටලුවක්ද බලපා ඇති බවය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට ප්‍රථම සියලුම මැතිඇමැතිවරුන්ට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවට පණිවුඩයක් නිසා ඊට අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට තිබේ.
මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගැටලු පිළිබඳ සාකච්ඡා කළද මුදල් ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ කිසිවක් ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක් බව මන්ත්‍රිවරු පවසති.
Comments
Post a Comment
Your comment will be visible after approval