සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද සිට ඕනෑම දිනයක විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට උපකුලපතිවරුන්ට අවසර දී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
ඒ අනුව විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අදියරෙන් අදියර ලබන පළමුවනදා සිට නැවත ආරම්භ වනු ඇතැයි වාර්තාවේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කලේ අදාළ දින තීරණ කිරීමේ බලය එක් එක් විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරුන්ට පවරා ඇති බවයි.
පළමු අදියර යටතේ විශ්ව විද්‍යාල සඳහා පැමිණිමට අවසර දී ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02 ක් ගතවූ සිසුන්ටයි.ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 25 ක් පමණක් බැගින් ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී කරගන්නා ලෙසද උපදෙස් දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval