ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ දමා තිබේ.
කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2840ක් වෙයි.
කිලෝග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 393කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1136ක් බව නිවේදනය කර සිටියි.
මින් ඉහත ලිට්‍රො ගෑස් මිල ඉහළ නොදමා ලාෆ්ස් ගෑස් මිල පමණක් ඉහළ දැමීම සිදුවූ අතර
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රො ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 1257 කින් ඉහළ දමන ලදි.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2750කි.
කිලෝ ග්‍රෑම් 05 ලිට්‍රො ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින්ද කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව පිළිවෙලින් ඒවා රුපියල් 1101ක් හා රුපියල් 520ක් වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval