ඉල්ලා අස්වන්නට සූදානමින් සිටින බවට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්තාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අද දින පැවති කොවිඩ් කමිටු රැස්වීමටද සහභාගී වූ අතර එහිදි
සුදුස්සකු සොයා ගන්නා තුරු තවත් මාසයක් තනතුරේ රැඳී සිටින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට දන්වා ඇතැයි වාර්තා විය.




රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සෞඛ්‍ය හේතු දක්වමින් තමා ඉල්ලා අස්වන බවට ලිඛිතව කලින් දැනුම් දී තිබුණි. සභාපති ධුරයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයාද එකගතාව පළ කොට තිබුණත්, එම තනතුරට සුදුසු ආදේශකයක් සොයා ගන්නා තුරු තවත් මාසයක් රැඳී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා විය.
ප්‍රසන්න සෞඛ්‍ය ඇමති සමග විරසක වූ බවටත් දත්ත අස්ථානගතවීම සම්බන්ධ ආරවුල මත ඔහුට චෝදනා තිබූ බවටත් විවිධ වාර්තා මින් ඉහත පළවී තිබුණි.