viyath-pura-houses-for-mps

අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා 'වියත්පුර' නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමට හා මාදිවෙල මන්ත්‍රී නිවාස පිහිටි භූමියේ නවීන මන්ත්‍රී නිවාස 200ක් ඉදිකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.




මෙම යෝජනාව මින් ඉහතත් ගෙන ආ එකක් වන නමුත් යෝජිත ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය  ලබාගෙන නොමැති වූ නිසා එම වගන්ති සංශෝධනය කර අලුතින් ඉදිරිපත් කර තිබේ.
නිවාස ඉදිකිරීමට පමාවීම ගැන රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව මෙකී අඩුපාඩුව පෙන්වාදීමෙන් පසු නැවත අලුත් යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඉක්මණින් එයට අනුමැතිය හිමිවනු ඇතැයි වාර්තා පළවේ.