
හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගොස් සිටි ධීවරයකු ධීවර යාත්‍රාව තුළදීම හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයකින් ඊයේ (12) මියගොස් ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.හික්කඩුව, පොළොන්වත්ත පදිංචි ගාල්ලගේ මහීන් දයානන්ද නමැත්තෙකු මෙසේ මියගොස් ඇති බවද පොලීසිය කියයි.
මියගිය තැනැත්තාගේ දේහය හික්කඩුව ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලට යොමු කළ බවද පොලීසිය පවසයි.මොහු හික්කඩුව ධීවර වරායෙන් මුහුදු රැකියාවට ගොස් ඇත්තේ පසුගිය 9වැනිදා බවත් කෝවිඩ් වෛරසය හේතුවෙන් මොහු ජීවිතක්ෂයට පත්වූයේද යන්න සොයා බැලීමට සිරුර පී.සී.ආර්.පරික්ෂණයකට යොමු කළ බවද පොලීසිය කියයි. හික්කඩුව පොලීසිය සිද්ධි පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Comments
Post a Comment
Your comment will be visible after approval