telephone-company-that-gave-bitter-medicine-to-the-Drug-Regulatory-Authority

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් 'ගවන්මන්ට් ක්ලවුඩ්හි' තිබූ ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, 

ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ටෙරාබයිට් ගණනක ඉතා සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් මැකී යාමේ සිද්ධිය මෙරට ජාතික ආරක්ෂාවට ද එල්ල වූ තර්ජනයකි. මෙය හිතාමතාම සිදුකළ කඩාකප්පල්කාරී කටයුත්තක් බවට විපක්ෂය චෝදනා කර සිටියි.


සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වන නවතම කරුණු වලින් තහවුරු වී තිබෙන්නේ මේ පිටුපස විදේශ රටක විශාල කොටස් හිමි දුරකථන නියෝජිතායතනයක් සිටින බවයි. අදාළ සමාගම මීට පෙරද මෙවැනිම වංචනික ක්‍රියාවල නිරත වී ඇති අතර සිය පාරිභෝගිකයන්ගේ දුරකථන අංක තුන්වෙනි පාර්ශ්ව වලට විකුණු බවට අවස්ථා ගණනාවකදී චෝදනා ලබා ඇත.
රටේ ආරක්ෂාව ගැන පවා නොසලකා හරිමින් මෙවැනි ආයතනයකට මෙරට තොරතුරු පද්ධතියක් භාවිත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළ රාජ්‍ය නිලධාරීන් කවුද යන්න හෙළිදරව් කළ යුතුය. තොරතුරු පනත තවමත් බලාත්මක වන අතර ඒ යටතේ තොරතුරු ලබාගෙන මේ ගැන ප්‍රශ්න කිරීමට මහජන ක්‍රියාකාරීකයන්ට හැකියි.