
ඇෆ්ගනිස්ථානයේ නව භාරකාර ආණ්ඩුවක වැඩබලන කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ නම් තලේබාන් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
නව රජයේ නායකයා ලෙස මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ් නම් කළ බව ප්‍රධාන ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
අබ්දුල් ගානි බරදාර් උප නායකයා වන අතර සිරාජුදීන් හකානි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස නම් කර ඇති බව මුජාහිඩ් වාර්තාකරුවන්ට පැවසීය.
මෙම තාවකාලික රජයේ අභ්‍යන්තර කටයුතු ඇමති ලෙස නම් කර ඇත්තේ එෆ්බීඅයි අවශ්‍ය කරන සටන්කාමියෙකු වන සිරාජුදීන් හක්කානිය. ‘හක්කානි ජාලය‘ ලෙස හැඳින්වෙන සටන්කාමී කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ ඔහුය.
"අපේ රටේ ජනතාව නව රජයක් එනතෙක් බලා සිටි බව අපි දනිමු" යනුවෙන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පැවසීය.
තලේබාන් සංවිධානය සති තුනකටත් පෙර රටේ බොහෝ ප්‍රදේශවල බලය අත්පත් කර ගත්හ.
වැඩබලන කැබිනට් මණ්ඩලය නිවේදනය කිරීම තලේබාන් රජයක් පිහිටුවීමේ මූලික පියවරකි.
Comments
Post a Comment
Your comment will be visible after approval