සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති තෙවන එක්දින තරගය අත්පත් කර ගනිමින් ශ්‍රී ලංකාව එක්දින තරඟාවලිය 2-1ක් ලෙස ජය හිමි කර ගැනීමට අද සමත්විය.
ඒ අනුව අද (7) පැවති තෙවන හා අවසන් එක්දින තරඟයේදී පන්දුවාර 30ක් අවසානයේදී සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු කඩුලු දවා ගනිමින් ලකුණු 78ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමඅද සමත් විය.
ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට සියල්ලන්​ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125.ක් පමණි.


මහීෂ් තීක්ෂණ කඩුලු 4යි. දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරං​ග කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 203ක්
රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව​ට ලකුණු 204ක ඉලක්කයක් හිමි
වූයේ​ය.
චරිත් අසලංක ලකුණු 47යි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක්
ජයග්‍රහණය කරන්නේ වසර 8කට පසුවය.
තරඟයේ වීරයා සම්මානය දුෂ්මන්ත චමී​ර විසින් දිනා ගැනීමට සමත් විය. තරඟාවලියේ වීරයා සම්මානය
චරිත් අසලංකට හිමිවිය.

අද දින තරඟයේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් වූ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 5 අතරට පැමිණීමට හැකි විය.