මියගිය කලාකරු සුනිල් පෙරේරා මීට මාස 6 කට පෙර සිය බිරිය ගීතා සමග එක්ව සම්මුඛ සාකච්ඡාවකට එක්වී ආදරය හා විවාහය ගැන හෘද සාක්ෂියට එකඟව කතා කළේය.
එම සාකච්ඡාවේ අකුරු සටහන පහත පරිදිය.
*මට කියන්නකො ජීවිතයයි ආදරයයි ගැන මොකද කියන්නේ....?
                                                               "ජීවිතය කියන්නේ ආදරය මොකද ආදරය කියන දෙයින් තමයි ඕනෑම දෙයක් විසඳන්න පුළුවන්.....ජීවිතය ප්‍රශ්න ද එදිනෙදා ප්‍රශ්න ද රටේ ප්‍රශ්න ද මේ හැමදේම බද්ධ වෙන්න ඕනේ ආදරයත් එක්ක.... ඒ ආදරය ඇති වුනොත් සියලුම මිනිස්සුන්ට ගහකොළ සත්තුන්ට ඒ හැමදේටම ආදරය තියෙනවා නං ඒ කියන්නේ ඔබ ජීවිතේ ජය ගත්ත කෙනෙක්....නැත්නම් මේ කොට්ඨාශයක් එක්ක තරහයි අර කොට්ඨාශයක් එක්ක තරහයි මේ ගොල්ලන්ගෙ ආගම නිසා තරහයි මේ ගොල්ලන්ගෙ ගොල්ලන්ගේ කථා කරන භාෂාව නිසා තරහයි  ඉතිං එහෙම නෙමෙයි  ජීවිතය කියන්නේ මම නං හැමෝටම ආදරේ කරන්නෙ ඉගෙන ගන්න ඕනේ  ආදරයෙන් විතරයි ජයගන්න පුළුවන් සෑම දෙයක්ම රටේ උනත් ප්‍රශ්න විසඳන්න ඕන ආදරය හරහා තමයි මම කියන්නේ ......"



*ආදරේ කරහම ප්‍රශ්න විසඳන අතර ඔබ යම්කිසි කෙනෙකුට විශේෂයෙන් ආදරය කලානේ දැන් ලග ඉන්නවා ඔබේ ආදරණීය බිරිඳ....බිරිඳ දිහා බලාගෙන කියන්නකො මතකද මුලින්ම බිරිඳව දැකපු දවස....?

                                       "මුලින්ම මම දැක්කෙ ෂෝ එකකදී  මෙයා ඇවිත් හිටියා  autograft එකක් අරගෙන අත්සන් කරන්න කියලා....ඒ අත්සන් කරපු එකෙන් මගුල් කසාදෙත් අත්සන් කරලා තමයි නතර වුණේ....දැන් අවුරුදු තිස් නවයක් බැඳලා....දරුවෝ හතර හතරයි මුනුබුරු  මිනිබිරියෝ හතරයි...."

*ආදරය කවුද මුලින්ම ඇහුවේ.....?
                                                             "නෑ එහෙම ඇහුවේ නැහැ .....හම්බුනා ඊට පස්සේ කතා කරා  ඊට පස්සේ මාස දෙක තුනක් යනකොට විවාහ වුණා හදිසියෙම උන විවාහයක් ....මෙයාට එතකොට අවුරුදු පහල වයි මට අවුරුදු තිහයි ....ඉතිං මාව බාල අපරාධ වලට ඇල්ලුවා....ඊට පස්සේ කිව්වා බඳිනවද නැත්තං ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මාව පොලිසියට ගෙන්නලා ඊට පස්සේ මම කිව්වා බඳිනවා කියලා....මෙයා යාලුවෙක්ගෙ ගෙදර ගිහින් එනකොට මම මෙයාව උස්සන් ගිහිල්ලා කියලා හිතලා  මේ ගෑනු ළමයා හොයල දුන්නෙ නැත්නම් මාව කොටු කරනවා කියලා කිව්වා.....සාමාන්‍යයෙන් දැන් කාලේ නං අවුරුදු පහළොවෙන් බඳින්න බැහැ ඒ කාලයේ බදින්න  දුන්න එකත් ලොකු දෙයක් මොකද මේ ගොල්ලන්ගෙ තාත්තත් පොලිසිය.....අද කාලේ මනුස්සයෙක් විවාහ වෙද්දී පොරොන්දම් බලනව අරවා බලනවා මේවා බලනවා අපි දෙන්නා නම් කිසිම දෙයක් බැලුවේ නැහැ.....අපි මේ ගෙවල් හදන්න ගලක් තියන්නවත් වෙලාවක් බැලුවේ නැහැ මොකද ජෝතිෂ්‍ය කියන දේ අපි විශ්වාස කරන්නෙ නෑ....තමන් කරන දේ අනුව තමයි තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ.....අපි දෙන්නා පල්ලි පන්සල් යන්නෙත් නැහැ..."

*ඔයාගේ බිරිඳ වරදක් නොකර හොඳට ඉන්නවා  සුනිල් අයියත් වරදක් නොකර හොඳට හිටියද....?
                                                           "නෑ නෑ සුනිල් අයියගෙන් පොඩි පොඩි වැරදි සිද්ධ වුණා .....මම මාධ්‍යයට වුණත් බොරු කියන්නේ නැහැ....නමුත් ඒ දේවලුත් හදාගෙන දෙවල් වලට බිරිඳගේ සහයෝගය අරගෙන බිරිඳ කොහොමත් ඒ දේවල් වලට මාත් එක්ක තරහින් ඉන්න ඇති  වැරදි වෙනකොට කෙසේ වෙතත් ඒ ඔක්කොම ගැට ගහගෙන  මේක පවුලක් දරුවෝ ඉන්නවා දරුවන්ව දාලා ගිහින් මේ පවුල කඩා ගන්න බැහැනේ කොහොමහරි කරලා මේක ගැට ගහගන්නවා සෑහෙන්න මට සටනත් දීපු කාන්තාවක් ....."



*මොන මොන වැරදිද වෙලා තියෙන්නේ....?
                                                      "සමහරක් වැරදි බොහොම දරුණු වැරදි... සාමාන්‍යයෙන් විවාහක මනුස්සයෙක් අතින් සිදුවිය නොහැකි වැරදි....නමුත් මගේ බිරිඳ ඒ දේවල් ඉවසගෙන දරාගෙන ඉතින් මොකද මේ ආදරය නිසා....මේ ප්‍රශ්න සේරම වුණේ එය ඒ අවුරුදු විසි පහකට විතර උඩදී ඊට පස්සේ සේරම හදාගෙන   බොහොම ආදරයෙන් ඉන්නවා...."

*විවාහ ජීවිතය ලොකුම කැපකිරීම කළේ බිරිඳ කියලා පිළිගන්නවද....?
                                      "බිරිඳ...ගෙදර හැම දෙයක්ම කෙරෙන්නේ දරුවන්ට විතරක් නෙමෙයි දරුවන්ගේ දරුවන්ටත් සෑම දෙයක්ම කෙරෙන්නේ බිරිඳගේ අතින්....ගුණ යහපත් දේවල් කරන්න ඕනෙ මෙයා විශ්වාස කරන්නෙත් ඒක...."

* ධර්මයත් එක්ක සංස්කෘතියක් තියෙන්න ඕන නැද්ද...?
                                           "සංස්කෘතිය කියන එක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නැහැ....සංස්කෘතිය වෙනම උගන්වන්න දෙයක් නැහැ සංස්කෘතිය කියන එක හදවතට දැනෙනවා.....සංස්කෘතිය කියන දේ මම විශ්වාස කරන්නේ බිරිඳට ආදරෙන් එන්න බිරිඳ ආදරෙන් ඉදි මොකද බිරිඳට ආදරෙන් ඉන්නේ නැත්තං එහෙම ආදරෙන් ඉන්නෙ නැතුව නොසන්ඩාලකම් කලොත් තමා කෙරෙහි අප්පිරියාවක් තමා කෙරෙහි ඇතිවෙන්න පුළුවන්.....ඒ තරහ ඇති උනහම සමහර විට ඒ වාසනා ගුණය නැති වී යනවා....විවාහයටත් වාසනා ගුණය නැති වෙනවා....මම කියන්නේ ඒ වාසනා ගුණය ඇතිකරගන්න ඕන...අදටත් මට බිරිඳගෙන් ලැබෙන වාසනා ගුණය ලැබෙනවා ...."

*සුනිල් පෙරේරා කියන්නේ ලංකාවේ දක්ෂ ගායකයෙක් ජනප්‍රිය ගායකයෙක් මේ දේවල් එක්ක පවුල් ජීවිතය කොහොමද මේ ප්‍රශ්න balance  කර ගන්නේ .....?

                                     "ඇත්තටම සුනිල්ගේ දේශපාලනය ගැන ආගම සම්බන්ධ දේවල් ගැන සමාජයේ ඉන්න මිනිස්සු පොඩ්ඩක් බලන්න ඒ වැරදි විදිහට.....සමහරක් විට මේ සුනිල් කියන දේවල් හදවතේ තියෙන දේවල්....මමත් යූටියුබ් youtube වල කමෙන්ට්  බලනවා සුනිල්ට ගොඩක් දොස් කියලා තියෙනවා  ..දැන් නං කියන්න ඇත්තටම අපිට ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ ....."

*සමහරක් වෙලාවට ප්‍රශ්න ඇයිද හිතුනෙ නැද්ද අනේ මේක වෙලාව  බලලා කරානම් එහෙම  වෙන්නෙ නැහැනෙ කියලා.....?

                                          "නැහැ නැහැ අපි එහෙම හිතන්නෙ නැත්තෙ...මොකද අපි නරක දේවල්නම් කරලා තියෙන්නේ අපිට නරකක් වෙනවා එක නවත්තන්න බැහැ....එක එක්කෙනාගේ විශ්වාසය ඒක අපේ විශ්වාසය මේක...

*විවාහ ජීවිතයට දැන් අවුරුදු තිස් නවයක් gypsies band එකට දැන් අවුරුදු 50 ක්...?
                                           "මට අවුරුදු 50 ඒ විදියට එන්න මොකක් හරි වාසනාවක් තියෙන්න ඇති....නැත්තං අපේ එහෙම විශේෂ දක්ෂතාවයක් නැහැ...අද ඉන්න පොඩි කොල්ලොත් එක්කත් මම සින්දු කියනවා  මට ඒකට වාසනාව ලැබිලා තියෙනවා වාසනාව ලැබෙන්න මම කියන්නේ නිතරම හොඳ ගුණ යහපත් දේවල් කළ යුතු යි....covid කියලා මට එහෙම මුකුත් upset  එකක් වුණේ නැහැ....මේ දේවල් ලැබෙන්නේ ලොකු පිනකට මගෙත් පිනක් තිබුණා බිරිඳ ගැට ලොකු පිනක් තිබුණා....අපේ තාත්තා කැමති වුණේ ඉස්සර මම කතෝලික ගැහැණු ළමයෙක් බඳිනවනම්....මම විතරයි පවුලේ බෞද්ධ කෙනෙක්ව බැන්දේ....අපේ පවුලේ දහ දෙනෙක් හිටියා දැන් ඉන්නේ නමයයි එතනින් මෙයා විතරයි එකම එක්කෙනා බෞද්ධයෙක්....නමුත් කතෝලික කතෝලික බැන්ද අයත් දැන් දික්කසාද වෙලා ඉන්නවා...ඒ දේවල් වලට මම විශ්වාස කරනවා වාසනා ගුණය කියලා...."

*ඕනම කෙනෙක් හම්බ කරන දේවල් ටිකක් තියෙනවා...සුනිල් පෙරේරා කියන චරිතය මේ දේවල් හම්බ කරගත්තෙ බෑන්ඩ් එක නිසාද ව්‍යාපාර නිසාද...?

                                                              " කිසිම ව්‍යාපාරයක් නැහැ සින්දු කියන එක විතරයි.... බෑන්ඩ් එක හරහා සහ music හරහා තමයි මම හම්බ කළේ....මේ අවුරුදු පනස් එකටම මට තාම කිසි කරදරයක් වෙලා නැහැ.....අපිට බැනලා තියෙනවද ඒත් කවුරු මොනවා කිව්වත් මම සැලෙන්නේ නැහැ මම මේ ගමන යනවා .....මම ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්නෙත් නැහැ....මම වෙන්නැති ලංකාවේ ජංගම දුරකතනයක් පාවිච්චි කරන්න නැති එකම ගායකයා..."



*හම්බ කරගන්න දේවල් වලින්  මම අහල තියෙනවා මම හිතන්නේ ප්‍රසිද්ධියේ කියලා නැතුව ඇති සමහරක් විට යම් යම් කලාකරුවන්ට ජීවිතය  පවත්වාගෙන යන්න බැරි අයට කොටසක් වෙන් කරනවා කියලා...?
                                                     "ඒක තාත්තා උගන්වපු දෙයක්...තාත්තා අපිට බලහත්කාරයෙන් වගේ කරපු දෙයක් ඒක...ඒක අදටත් අපි කරනවා...අපිට ලැබෙන සෑම දේකින්ම 10%ඒ එක එක උදවියට අයින් කරනවා....ඒකෙන් මම හිතනවා සෑහෙන්න පිනක් ලැබෙනවා මොකක් හරි ශක්තියක් ලැබෙනවා කියලා....ඒ දේවල් අපි හැමදාම කෙරුවා අදටත් කරනවා මෙයත් එහෙමයි....ඒ පිනම වෙන්න ඇති මටත් මෙයාටත් සංතෝෂයෙන් ආදරයෙන් ජීවිතය ඉදිරියට ගෙන  යන්න ශක්තිය ලැබුණේ....විවාහය හරහා මට තේරෙන්නේ මගේ තාත්තට පස්සේ තාත්තා තමයි සෑම  ශක්තියක්ම දුන්නේ හැම දෙයක්ම කියලා දුන්නේ...තාත්තට පස්සේ අම්මා වෙන්න ඕන නේද  අම්මා නෙමෙයි මගේ දෙවැනි තාත්ත වගේ මගේ ලඟින් මගේ සේරම දේවල් මගේ වාසනාව මට ගෙනල්ල දුන්නෙ මම හිතන්නේ මගේ බිරිඳ .... වාසනාව තියෙනවා නං නරකක් වෙන්නේ නැහැ....මමමෙයාගේ අම්මල තාත්තල දන්නේ නැහැ...ෆිල්ම් එකක් බලන්න යන්නෙත් දෙමළ චිත්‍රපටි....ඒ යද්දිත් මෙයා යුනිෆෝම් එකෙන් මම තමයි මෙයාට ඇඳුම් ගෙනියන්නෙ......තේරුම වෙලා මෙහෙම වෙලා කසාද බැඳලා තාමත් අපි ආදරෙන් ඉන්නවා...."

*ඔබට සුනිල් අයියා නිසා හිත බිඳිච්ච වාර නැද්ද.....?
                             "තියනවා හැබැයි මෙහෙමයි මම ගොඩක් ඉවසල වැඩ කරන කෙනෙක් දැනුත් එහෙම තමා ගොඩක් දේවල් වලට මම කලබල වෙන කෙනෙක් නෙවෙයි...ඒ දේවල් දැන් කතා කරන්න ඕනේ නැහැ...මෙයා දැන් සීයා කෙනෙක් අපිට ඒ දේවල් වලින් වරදක් සිද්ධ වුණේ නැහැ...වෙන්න තිබ්බ දේවල් සිද්ධ වුණා මම දරුවෝ හදාගෙන හිටියා පවුල කඩාගන්නෙ නැතුව.... ඒ නිසා මම ආස නැහැ කාටවත් දොස් කියන්න..."

 *මේ කාලේ තරුණ තරුණියෝ වැලන්ටයින් සමරනවා ඒ කාලේ කොහොමද වැලන්ටයින් දවස සැමරුවද...?
                                                       " අපි නං එහෙම කළේ නැහැ නමුත් අපේ කාලේ ඔය දේවල් තිබ්බනං අපිත් ඕව ම කරයි නැති නිසා අපි නිකං හිටියා....අද කාලේ වගේ තරුණ ළමයින්ට තිබුන දේවල් තිබුනනං මමත් ආස වෙයි කරන්න...අපේ කාලේ නැති වුණාට දැන් ළමයි කරන ඒවට මම හරිම ආසයි...ලස්සනට අඳින ළමයි ලස්සන තරුණ ළමයි මම දකිනවා මම නම් හරිම ආසයි ඒවට...."

*ඒ කාලේ සුනිල් අයිය තෑගි දීල තියෙනවද...?

                                 " විශේෂයෙන් කියලා එහෙම දීලා නැහැ හැමදාම වගේ ගවුමක් මොකක් හරි ගේනවා..."
*1990 විතර  gypsies band එකෙන් ප්‍රාර්ථනාවක් කරනවා ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා කියලා දැන් අවුරුදු තිහක් විතර ගත වෙලා..එය කරපු ප්‍රාර්ථනාව ටිකක් ඉශ්ට  වෙලා තියෙනවා කියලා හිතනවද...?
                                     "වෛරය වැඩි වෙලා තියෙන්නේ වෛරය ප්‍රතිශතයක් හැටියට ගත්තහම.....මිනිස්සු මිනිස්සුත් එක්ක තරහයි..සමහරක් මිනිස්සු හිතාගෙන ඉන්නේ එක පිරිසකට විතරක් මේ රට අයිතියි කියලා...මේ රටේ ජනාධිපති කතෝලික කෙනෙක් වෙනවට කවුරුත් කැමතිද,භික්ෂූන් වහන්සේලා කැමතිද,කවුරුත් කැමති නැහැ....කවුරු කාට වෛර කෙරුවත් අපි අපේ හැමෝටම ආදරේ කරනවා....මගේ පුතාගේ විවාහයේ මුස්ලිම් විදියට වෙන්න ඕනේ කිව්වා මම ඒකටත් සහභාගි වුණා,මගේ දුවගේ විවාහයේ බෞද්ධ විදිහට සිද්ධ වුණා...සුද්දන්ව පන්නා දැමීමෙ දවස සමරනවා පෙබරවාරි 4 වෙනිදා අවුරුද්දට එක දවසක් ...අනිත් ඉතුරු හැම දවසකම හිතනවා සුද්දන්ගේ රටකට කොහොමද පැන ගන්න කියලා...."

*මේ රටට මෙහෙම වෙන්න දේශපාලන දේශපාලන කියලනෙ ඔබතුමා කියන්නේ...තාම අපේ රට හදන්න කෙනෙක් ඉපදිලාවත් නෑ කියලද හිතන්නේ...?
                                    "අපේ රට හදන්න කියන එක මම කියන්නේ මේ මිනිස්සු ඔක්කොම ඒකරාශී කරන්න...ඒක කරන්න බැහැ මොකද වෛරය උඩදුවලා තියෙන්නේ....හරකව නිදහස් කරනවා පින් බලාගෙන දමිළ මිනිහත් එක්ක හරිම තරහයි...මුස්ලිම් මිනිහත් එක්ක පට්ට තරහා යි ...අපේ රට හැමෝගෙම රට කියන එක මේ ජන නායකයින්ට තේරේවා.."

*ආදරය කරද්දි ජාතිය ආගම වයස සල්ලි මේ දේවල් ප්‍රශ්නයක් නැහැ කියලනේ කියන්නේ..මේක ප්‍රායෝගිකව බැලුවොත් ඇත්තද සල්ලි ඕන නැද්ද ආදරය කරන්න...?
                            "සල්ලි අවශ්‍යයි ජීවත් වෙන්න...මම කියන්නේ එහෙම නැතුව වුණාම තමයි ගෙදර එක ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නේ...ඉස්සර කියනවා වගේ දේවල් නැතුව මම නම් කියන්නේ අද කාලෙ හැටියට නම් සල්ලි අනිවාර්යෙන් අවශ්‍යයි..අඩු ගානේ තමාට තියෙන එදිනෙදා දේවල් ටික ගෙවා ගන්න කන්න  බොන්න  දේවල් ටික හොයාගන්න ගෙදෙට්ට අවශ්‍ය දේවල් ටික තමාට කරගන්න පුළුවන් නම් එතන ලොකු ශක්තියක්...මුදල් කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි...."

*gypsies කණ්ඩායම අවුරුදු පනහකට වැඩි කාලයක් එකම විදිහට මෙච්චර ලොකු කාලයක් පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා මේකට සම කරන්න ලංකාවෙ කොහොමත් කවුරුත් නැතුව ඇති...එ විදියට සාර්ථක වෙන්න මොකද්ද ඔබතුමාගේ තියෙන රහස...?
                                              "විශ්ව ශක්තිය...ඒ ආශිර්වාදය හැම අතින්ම ලැබෙන කොට හරිම සුන්දරයි..."

*ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබ දෙපලට ප්‍රශ්න ඇවිල්ලා නැහැ කියලා ..?
                                        "ඇවිල්ලා තියෙනවා ගොඩක් දේවල් නම් එච්චර ගනන් ගන්න ඕනේ දේවල් නෙවෙයි...වෙච්ච ප්‍රශ්නෙකට සිද්ධ වුණේ බිරිඳගෙ හිත මම කඩපු එක විතරයි....ඒ දෙවල් මම හිතන්නේ විවාහයට බොහෝ සේ බලපානවා...ඒක තමයි මගේ ජීවිතේ විශේෂයෙන් ම දරුණුවටම බලපාපු ...ඒක සිද්ධ වෙලා වැඩි කල් නොගොස් මට ඇමරිකාවේ පපුවේ අමාරුවක් හැදිලා ඔපරේෂන් එකක් කරන්න සිද්ධ වුණා.... ඒකෙනුත් දැක්කා නේද තමන් අරක දේවල් කරනකොට තමාට නරක දේවල් වෙනවා...."

*gypsies කණ්ඩායම තව අවුරුදු පහකින් හරි 10 කින් හරි මොන වගේ තැනකද තියෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තියෙනව ද ...?
                                              "සෑම දේම නැති වෙනවා ලෝකෙ...කිසි දෙයක් ස්ථිර නැහැ...ඉතින් ජිප්සිස් ඒ විදිහටම නැතුව යනවා ....මගේ වයසත් එක්ක මට හැට නමය වෙන්නේ මේ අවුරුද්දට...ඉතිං හැත්තෑ වෙන් පස්සේ ලොකු අනාගතයක් බලාපොරොත්තු වෙන්න බැහැ...මගේ පුතාලා වුණත් මගේ දෙයින් ජීවත් වෙන්න දඟලන්නේ නැහැ...

(වීඩියෝව - TV Today )

පෙර ලිපිය
වැස්සට වෑන් එකකට හේත්තු වුන දා ඉදන් වයස 15 සිට මගේ ජීවිතේම සුනිල් - බිරිය ගීතා