Cabraal-resigned-as-Minister-and-Member-of-Parliament-and-returned-as-Governor-of-the-Central-Bank

පසුගිය දිනවල සිය අමාත්‍යංශයේ කොටසක් පවරාගැනීම ගැනද නොසතුට පළ කළ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ.




මේ ගැන අද දින පළවූ ජාතික පුවත්පත්වලද ඉඟි පළව ඇත.
කෙසේ වෙතත් පවතින මූල්‍ය අර්බුදය කළමනාකරණය වඩාත් පහසුවීම මත මිස මෙම තීරණය කලකිරීමකින් ලබාගත්තක් නොවන බව ඒ සමගම වාර්තාවේ. ඔහු නැවතත් මහින්ද රාජපක්ෂ ජනපති සමයේ දැරූ තනතුර වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වනු ඇති බවත් දැනට මහ බැංකු අධිපති ධුරය හොබවන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ තනතුරක් සඳහා මාරු කරනු ඇති බවත් වාර්තා පළව තිබේ.
පසුගිය සතියේ තමන් පෙර වාරයේ මහබැංකු අධිපති ධූරය දැරූ අවස්ථාවෙන් පසු එම විශ්‍රාම වැටුප නොලැබීම ගැනද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලීමක් කළ අතර ඒ ඉල්ලීම සඵලවූ බවද ඒ සමගම හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ටද විශ්‍රාම වැටුපක් ලැබෙන බවටද වාර්තා පළවිය.
මුදල් අච්චු ගැසීමට රජය ක්‍රියා කිරීමෙන් පසු පසුගිය මාසයේ ලංකාවේ ඉහළම උද්ධමන අගයන් වාර්තාවූ අතර මුදල් අච්චු ගසන අවස්ථාවේ  රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දන්වා සිටියේ විශේෂඥභාවයක් ඇති බැවින් එය කළමනාකරණය තමන්ට පහසු වන බවය.නමුත් උද්දමනය එන්න එන්නම වර්ධනය වෙමින් පවතී.
මහ බැංකු අධිපතිධූරයට රට වෙනුවෙන් වැදගත් තීරණ නිසි වේලාවට ලබාගත හැකි අයෙකු පත් නොවුවහොත් ඉදිරි කාලයේ මහත් ආගාධයකට රට මුහුණපානු ඇති බවට අනතුරු ඇඟවීම් පළව තිබුණි.
ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයක සිරව සිටින අතරවාරයේ මෙම වෙනස්කම් සිදුවන බැවින් ආර්ථික වශයෙන් තීරණාත්මකය.

( gossiplankanews.com )