
පල්ලම සේරුකැලේ ප්‍රදේශයේ වයස තුනහමාරක දරුවෙකුගේ අවාසනාවන්ත ආකාරයේ මරණයක් වාර්තාවී තිබේ.
මෙම දරුවාගේ මවගේ මල්ලි එනම් මාමා ට්‍රැක්ටරයකින් වත්තේ කණ කොළ කපමින් සිටි අවස්ථාවක එතැනට දරුවා ඇවිත් තිබෙන අතර මාමා දරුවා හුරතල් කරමින් ඔසවා ට්‍රැක්ටරය මත වාඩි කරවාගෙන තිබේ.
පසුව ට්‍රැක්ටරය ක්‍රියාත්මක කරවා තණ කොළ කැපීම ආරම්භ කළ අතර තුර ට්‍රැක්ටරය මත සිටි දරුවා ලිස්සා බිම වැටි තිබේ. එම අවස්ථාවේ දරුවා එකී මැෂිමේ බ්ලේඩ් රෝල්වෙමින් කැරකෙන කොටසට හසුවීම නිසා බරපතල ලෙස කැපුම් වලට ලක්වී ඇති අතර වහාම දරුවා හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන ගියත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව වාර්තාවී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලම සේරුකැලේ විසු වයස තුනහමාරක් වන ශ්‍රීමාන් හිමාෂ දරුවාය. දරුවාගේ සිරුර මරණ පරික්ෂණ කටයුතු පිණිස හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙනැවිත් තැන්පත් කර ඇති අතර දරුවාගේ මාමා අත්අඩංගුවට පත්ව ඇත. පොලිසිය තවදුරටත් පරික්ෂණ සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval