
ගුවන් මගීන් සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු PCR පරීක්ෂණාගාරයේ කටයුතු ආරම්භවී දින දෙකක් ඇතුළත එහි වැඩ හකුළාගෙන තිබේ.
මෙය ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් විවෘත කෙරුනේ ඉකුත් 25 වනදායි.
තාක්ෂණික කටයුතු සකසා අවසන්වීමටත් පෙර එය විවෘත කර ඇති බවට එහි අභ්‍යන්තරය දන්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය එම අංශයේ වාර්තාවන් ගැන සෑහීමකට පත්ව නැති අතර ඉකුත් දින දෙකේදී එම පරීක්ෂණාගාරයේ තාක්ෂණික දෝෂ හේතුවෙන් PCR පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදයන් සිදුවූ බවටද වාර්තාවිය.
මේ හේතුවෙන් ගුවන් මගීන් රැසක් පීඩාවට පත්ව ඇත.
පැය 03 කින් PCR පරීක්ෂණ වාර්තා නිකුත් කරන බව බලධාරීන් ප්‍රකාශ කළ ද, ඇතැම් ගුවන් මගීන්ට පැය 15 ක පමණ කාලයක් ගුවන් තොටුපළ තුළ රැඳී සිටීමට සිදුව ඇත.
දැනට සිදුවන්නේ පිටරට සිට එන අය පීසීආර් පරීක්ෂණයට වෙනදා මෙන් ගුවන් තොටුපලේදී සහභාගී කරගෙන හෝටල්වලට යවා නිරෝධායනය වන්නට සැලැස්වීමයි. එම අනිවාර්ය නිරෝධායනය අතරතුර පීසීආර් සෘණාත්මක වන අයට පමණක් ඉන් නිදහස්වීමේ ක්‍රමවේදයයි.
Comments
Post a Comment
Your comment will be visible after approval