
කොරෝනා පිළිබඳ මහා මරණ බියක් ජනතාවගේ සිත් තුළ ඇති නොකළ යුතු බවත් එය හෙම්බිරිසාවක් ලෙස තේරුම් ගත යුතු බවටත් මීට සති දෙකකට පමණ පෙර සංවාදයට තුඩු දෙන ලෙස අදහස් දැක්වූ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කොරෝනා රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව නිරෝධායනයට ලක්ව සිටින බව වාර්තාවේ.
ඔහු සියලු ප්‍රසිද්ධ පෙනී සිටීම් අවලංගු කර ඇති අතර මේ වනවිට පක්ෂයටද ඒ බව දන්වා නිරෝධායනයේ පසුවන බව වාර්තාවේ.
මීට සති තිහිපයකට පෙර පසුගිය 26 වනදා පැවති මාධ්‍ය හමුවකදී එස්බී මන්ත්‍රීවරයා පැවසුවේ, කොරෝනා යනු බියවිය යුතු මාරාන්තික රෝගයක් නොවන බවයි. ඔහු එය හෙම්බිරිසාවකටද උපමා කළේය.
”මරණ බය මරණයට ප්‍රධාන හේතුවක්. මරණ වැඩිවීමට ඒ්ක නිසා මේක එහෙම බිය විය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි .. කොරෝනා වැළඳෙන ආසාදිතයින් 81 %ක් කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව සුව වනවා.. 14 %කට සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වා සුවය ලබනවා..ඒ් අනුව ආසාදනය වන පුද්ගලයින්ගෙන් 95%ක්ම සුවය ලබනවා..” ඔහු කීවේය.
ආසාදිතයින්ගෙන් 5% ක් පමණයි අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේෙ ඉන් ද 3%ක් සුවය ලබනවා ඔහු කීවේය.
ඒ් අනුව කළබලයකින් තොරව රට විවෘත කර වෛද්‍ය උපදෙස් ද අනුගමනය කරමින් ප්‍රවේසමෙන් රට ඉදිරියට ගෙන යා යුතුය යන්න තමාගේ පෞද්ගලික අදහස බව එදින මන්ත්‍රීවරයා පැවසී ය.
Comments
Post a Comment
Your comment will be visible after approval