chamal-rajapaksa-covid19

වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.


ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් වී ප්‍රතිකාර ලබයි.


පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජපක්ෂ පවුලේ කෙනෙකුට කොරෝනා ආසාදිතවූ පළමු වතාව මෙයවිය.රාජපක්ෂ සොයුරන්ගේ වැඩිමලා වන චමල්ගේ වයස 78 කි.
ඔහු පසුගිය දිනවල කොරෝනා රෝගියෙකුගේ ආශ්‍රිතයකු වූ නිසා ප්‍රසිද්ධ ස්ථාන වලට පැමිණීම සීමා කරමින් නිරෝදායනයවී සිටි අතර එම නිරෝදායන කාලය අදින් අවසන් වන්නට නියමිතව තිබියදී මෙසේ කොරෝනා ආසාදනයවූ බව පීසීආර් මගින් තහවුරුවී ඇත.
ඔහුගේ ආසාදනය වීම සිදුවන අතරේ සොයුරු අගමැති මහින්ද රාජපක්ෂ අද දින ඉතාලි බලා ගිය අතර සොයුරු ජනපති ගෝඨාභය ලබන සතියේ ඇමරිකාව බලා පිටත් වීමටද නියමිතය.

මේ අතර බන්දුල ගුණවර්ධන, අසංක නවරත්න යන අය ආසාදිතයින් වීම නිසාද  ලොහාන්,ඩීවී චානක,එස්බී, ගෙවිඳු හා ඩයනා යන අය ආශ්‍රිතයින් වීම නිසාද මේ වනවිට නිරෝධායනය ලබමින් පසුවේ.
-