sagara-kariyawasam-speakS

ශ්‍රී ලංකා පොදු පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා බත්තරමුල්ල නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී 13දා පැවති හමුවකදී මෙසේ කීය.

 "මහබැංකු අධිපතිවරයෙකුට ඇමති බලතල දෙන්න බැහැ. ඇමතිවරයෙක් කියන්නේ රටේ විධායකය. එය අසත්‍ය ප්‍රචාරයක්. නමුත් මේ වේලාවේ රටේ තියෙන සාමාන්‍ය තත්වයක් නොවේ, ඉන් ඔබ්බට ගිය අපහසුකම් සහිත තත්ත්වයක්. මෙවැනි තත්වයක් යටතේ මහබැංකු

අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමහරවිට යම්කිසි කාර්යමණ්ඩලයක් වගේ දෙයක් ඉල්ලා සිටියා නම්, එහි වරදක් නැහැ.

මොකදරට වෙනුවෙන් ඉතා විශාල කාර්ය භාරයක් එතුමාට කරන්න තියෙනවා. විශ්‍රාම වැටුපසම්බන්ධයෙන් එතුමා ඉල්ලීම් කර තිබුණේ, පසුගිය රජය කාලයේදියි. නිවාඩ් කබ්රාල් මැතිතුමාගේ පත්වීම් ලිපියේ හැටියට එතුමා විශ්‍රාම වැටුපකට හිමිකම් ලබනවා. 2015 ජනවාරී මාසයේ එතුමා මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වුණාට පසුචිතුමා පසුගිය රජය කාලයේ යම්කිසි ඉල්ලීමක් කර තිබුණා.නමුත් ඒ කාලේ එය ලබාදෙන්නේ නැතිව, දැන් සේවය භාරගන්න මොහොතේ මෙවැනි දෙයක් කරළියට ගෙන ඒම පිටුපස යම් කුමන්ත්‍රණකාරී දෙයක් ඇති කියලා අපි හිතනවා.මුදල් ප්‍රමාණය කොච්චරද කියලා මම දන්නේ නැහැ. නමුත් අදින් පසු විශ්‍රාම වැටුප් කතාව අවසන්,
මහබැංකු අධිපතිවරයෙකුට වැටුප් සහ විශ්‍රාම වැටුප් දෙකක් ගන්න බැහැ. ඒනිසා එය අතීතයට අයිති කතාවක්”