Self-operating-cabs-put-to-the-test-on-roads-in-Yokohama


නිසාන් මෝටර් සමාගමේ ඊ-එන්වී 200 විදුලි බලයෙන් ක්‍රියාත්මක වන කුඩා වෑන් රථය පදනම් කරගෙන ජපානයේ යොකොහාමා නුවර මුල්වරට රියදුරු නැති වාහන යෙදවූ ටැක්සි සේවයක්  අද (29) ඇරඹිණි.  ජපානයේ අසාහි අසාහි ෂිම්බන් පුවත්පත වාර්තා කරන ආකාරයට මෙම වෑන් රථ වල කැමරා 20 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ සංවේදක රාශියක් යොදාගෙන ඇති අතර කලින් නියම කළ හැකි මාර්ග 500 කට වැඩි ගණනක බාධක සංචලනය කිරීමට භාවිතා කර කෘත්‍රීම බුද්ධිය ගබඩා කර ඇත.

පිකප් සහ ඩ්‍රොප් ලකුණු 23 ක් ඇති බවත් නිසාන් සහ ජංගම දුරකථන සේවා සපයන NTT DoCoMo සමග හවුල්වී මෙය පාලනයට ඇප් එකක් සම්බන්ධ කර ඇති බවත්ය. ඒ අනුව
මගියෙකු තම ස්මාර්ට් ජංගම දුරකථනයේ පික්අප් පොයින්ට් එකක් එබීමෙන් ස්වයං-පැදවීමේ කුලී රථය ඔහු වෙත ළඟාවන අතර දොර ඇරීම වැසීම ගමන ඇරඹීම ඇතුළු අංග ගණනක් මගියාට ඇප් එක ඔස්සේම කළ හැකි පරිදි සකසා ඇත.
කෙසේ වෙතත් මූලික අත්හදාබැලීම අවසන්වී ඇතත් මෙය දෙවන අදියරේ අත්හදාබැලීමක් සමග යොකොහාමාහි ක්‍රියාත්මක කර ඇති බව දන්වා ඇත. ඒ අනුව දැනට වාහන 4 ක් පමණක් සේවයේ යොදවා ඇති අතර කිලෝමීටර් 2 ක ප්‍රදේශයක වපසරියක් ආවරණය කරයි. ඔක්තෝබර් 30 දක්වා කාලයේ මෙම වාහනය ඇතුළේ රියදුරු අසුනේ පර්යේෂකයෙකුද ගමන් කරනු ඇත. ඔහු රිය පදවන්නේ නැත.
වාහනයේ චලනයන් අධීක්ෂණය කිරීම ඔහුගේ කාර්යයයි.
මෙහි ඔහුට අමතරව එකවර මගීන් තිදෙනෙකුට ගමන් කළ හැකිය.අයදුම්කරුවන්ගෙන් තෝරාගත් පුද්ගලයින් පරීක්ෂණය සඳහා දායක කරගෙන ඇත.


මෙම නව හඳුන්වාදීම සිදු කරමින්  නිසාන් සමාගම් උප සභාපති කසුහිරෝ දෝයි පැවසුවේ,
"තාක්‍ෂණය වාණිජකරණය කිරීමට පෙර විසඳිය යුතු සැබෑ තත්ත්‍වයේ කොන්දේසි යටතේ ගැටලු නිර්ණය කිරීමට අපට අවශ්‍යයි.‘ යනුවෙනි.

මෙම අත්හදා බැලීමේදී දැනට ස්වයං-රිය පැදවීමේ තාක්‍ෂණය මාර්ග තීරණය කිරීම සඳහා ස්වයං ක්‍රියාකාරී ක්‍රමය කෘතිම බුද්ධිය (AI) සමඟ ඒකාබද්ධ කරමින් මෙම පද්ධතිය ඉදිරියේදී තවත් වැඩිදියුණු කරන බවත්
ටෝකියෝ, හොක්කයිඩෝ සහ දිවයින පුරා ප්‍රාන්ත 19 ක ප්‍රදේශ 46 ක මෙම ටැක්සි සේවය පුළුල් කිරීමට නියමිතය.
(අසාහි ෂිම්බන් පුවත්පත ඇසුරිනි Gossiplankanews.com)