
කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සහ ‘කොවිඩ්’ රෝගී ප්‍රතිකාර අංශයේ සේවය කරමින් සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබේ.
මියයන විට 57 වනවියෙහි පසුවූ ඒ මහතා කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමට මුලින්ම එන අය පරික්ෂා කරන බාහිර රෝගී අංශයේ කටයුතු කළ අතර එන්නත්කරණ වැඩසටහන් සඳහාද සක්‍රීයව දායකවූවෙකි.
‘කොවිඩ්’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්ව කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගය වැළඳී දින 10 කට පසු ඒ මහතා ඊයේ මියගියේය.
දෙදරු පියෙකු වූ ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ සවසම කුරුණෑගලදී සිදුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval