
වසංගතය හේතුවෙන් දැනට අගුළුදමා ඇති ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නගරය ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තය අදියර කිහිපයක් යටතේ ඉදිරියේදී විවෘත කිරීමට සැලසුමක් ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාර ඩැනියෙල් ඇන්ඩෘස් දන්වා සිටියේය.
මෙල්බර්න් අගනගරයේ පළමු විශාල වෙනස්කම් සිදු වන්නේ වයස 16 සිට ඉහළට වික්ටෝරියානු ජාතිකයින්ගෙන් සියයට 70 ක් පූර්ණ එන්නත ලබා ගැනීමෙන් පසුව වන අතර එය ඔක්තෝබර් 26 ට පමණ බලාපොරොත්තු වන සන්ධිස්ථානයකි.
වික්ටෝරියානු වැසියන්ගෙන් සියයට 80 ක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි තහවුරු වෙද්දී ප්‍රාන්තය පුරා තවත් සීමාවන් ඉවත් වනු ඇති අතර එම දිනය නොවැම්බර් 5 දා වැටෙනු ඇත.
කෙසේ නමුත් එන්නත් මාත්‍රා නොගැනීමට තීරණය කළ අය මෙම ඉලක්ක දෙක සපුරා තිබියදීත් දැඩි සීමා යටතේ රැඳී සිටිමට සිදුවනු ඇතැයි ආණ්ඩුකාරවරයා දන්වා සිටියේය.
කොවිඩ් සමාජය තුළ සංසරණය වෙමින් පැවතුනද සැලකිය යුතු සීමාවන් ලිහිල් කිරීමට සැලසුම් කළ දෙවන ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය ලෙස වික්ටෝරියා පත්වනු ඇත.
ඉරිදා වනවිට ගත වූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් නව රෝගීන් 507 ක් වාර්තා වූ අතර ඉන් සියයට 84 ක්ම වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් වේ.
(හෙරල්ඩ් සන් ඇසුරිනි Gossiplankanews.com)
Comments
Post a Comment
Your comment will be visible after approval